මට ඕනෑ තරම් සල්ලි තියෙනවා.. මං හිඟන්නෙක් නොවෙයි.. කිසිම ආධාරයක් මට එපා..- පන්දාහෙ පෝලිමේදී අත්අඩංගුවට ගත් විල්සන් කරූ කියයි..

November 25, 2020 at 12:07 am | lanka C news
මට ඕනෑ තරම් සල්ලි තියෙනවා.. මං හිඟන්නෙක් නොවෙයි.. කිසිම ආධාරයක් මට එපා..- පන්දාහෙ පෝලිමේදී අත්අඩංගුවට ගත් විල්සන් කරූ කියයි..

තමනට ඕනෑ තරම් සල්ලි ඇති බවත් තමන් හිඟන්නෙකු නොවන බවත් කිසිවෙකුගේ උදව් උවමනා නැති බවත් ප්‍රවීණ රංග ශිල්පී විල්සන් කරූ මහතා සඳහන් කරයි.

තමා රුපියල් පන්දහක් ගෙන ඒම සඳහා කොරෝනා ආධාර පෝලිමට ගියේ තම උවමනාවකට නොව වයසක අම්මා කෙනෙකුගේ ආරක්ෂාව වෙනුවෙන් බව ද ඔහු පවසයි.

එහිදි සිදු වූයේ පොලිසියේ නිලධාරියෙක් තමන් තල්ලු කර දැමූ විට තමා විසින් ඔහු ද තල්ලු කිරීම බමණක් බවත් පහරදීමක් සිදු නොකළ බවත් ඔහු කියා සිටී.

තමන් පොලිසයට ගෙන ගිය අවස්ථාවේ කිසිවකු තමන් බලන්නට නොපැමිණි බවත් කතා කළේවත් නැති බවත් ඒ ගැන පසුතැවීමක් තමන්ට ඇතැයි ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

157,534 views

13 Comments to “මට ඕනෑ තරම් සල්ලි තියෙනවා.. මං හිඟන්නෙක් නොවෙයි.. කිසිම ආධාරයක් මට එපා..- පන්දාහෙ පෝලිමේදී අත්අඩංගුවට ගත් විල්සන් කරූ කියයි..”

  1. Sweden Lapaya says:

    මාට්ටු වෙලා නොන්ඩි වෙලා මදිවට තාම කටෙ නරිවාදම අඩු නෑ

  2. Chamara says:

    හරින් ගොන්ජ වගේ දේශපාලන අපතයෝ උත්සාහ කලේ විල්සන් කරු මාකට් කරල රජයට මඩගහන්ඩ .දැන් මුන්ගේ නිරුවත හෙලි උනා මේ සල්ලාලයෝ ඩබලට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි .

  3. RED BULL says:

    මරියකඩේ චමුදිතය කල දුටු කල වල ඉහ ගත්ත​. කිරුලපනේ කරු අයිය මූට අහු උනා.

  4. ලන්කපුතා says:

    මේ වයසක මනුස්සයගෙන් ගුටි කාලා hospital admit කරන්න තරම් පන නැති police කාරයෝද ලංකාවේ ඉන්නේ?

  5. sena says:

    නිකන් දෙනවානම් වහවුනත් කන මිනිස්සුනෙ ඉන්නෙ ඒ අම්මත් වයසයි කරු මහත්තයත් වයසයි සල්ලිත් තියෙනවානම් හිගන්නෙක් නොවෙනම් තමුන්ගෙ පොකට් එකෙන් 5000 දුන්නනම් කරු මහත්තයගෙ නම්බුවත් රැකෙනවා ප්‍රශ්නය මේතරම් දුරදිග යන්නෙ නැනේ රන්ජන් රාමනායක මන්ත්‍රිතුමාත් සල්ලි දෙනවා ගියපාර youtube විඩියෝ එකක පෙන්නුවා

  6. ප්ලාකනිල් බයියා says:

    විල්සන් කරූ කියන්ෙන කවුද ?

  7. harsha says:

    ඔනෑම කතාවක පැති කීපයක් තියෙන්න පුලුවන් , එත් අප දකින්නේ මාධ්‍යයේ පෙන්නන පැත්ත විතරයි.

  8. බිස්කට් ලොක්කා says:

    මේ වගෙ පඩත්තර හැත්තන්ව පුම්බන්න එපා යකෝ. මේ යකා ඒ වලොව පොලිසියෙ කෙනෙකුට ගහන්න ගියා.

  9. කිරුළපන අපි says:

    මේ මහත්තයාට අපහාස කීරීමට නොවේ මෙය පල කරන්නේ කිරුළපන ඉන්න අය දන්නවා මේ මහත්තයාට සල්ලි ගංගාවක්.තියෙන බව. ඒත් ඉතිං ගිය පාරත් 5000 ගන්න පෝලිමේ හිටියා කියලා නම් මතකයි. අනෙක් එක මොහු කර ඇත්තේද වරදකි. වෙන කෙනෙක්ගේ 5000ක් මෙයා අරගන්නේ කෙසේද? නළුවෙක් කිව්වට තිර කතා රචකයෙක් කියලාත් දැන ගත්තේ අද නොවැ..

  10. Punyasoma Ralahami says:

    මූට සල්ලි තියෙනව නං අල්ලපිය වලලියද්ද නීතිඥ මහතා. කවුරු ඇල්ලුවත් හැබැයි අවුරුදු 02 ක් ජම්පර් ගහගෙන ඉන්ට නං වෙනවා !

Main News