තමනට මීලග ජනාධිපතිවරණයට තරග කල හැකි බව මහින්ද කියයි..

August 18, 2018 at 10:38 pm | lanka C news
තමනට මීලග ජනාධිපතිවරණයට තරග කල හැකි බව මහින්ද කියයි..

වත්මන් රජය විසින් සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තමනට නැවත වතාවක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ 19 සංහෝධනය සම්මත කිරීමට පෙර හිටපු ජනාධිපතිවරුන් සඳහා මෙම පනත නීතිය වලංගු නොවන බවට නීති තර්කයක් මතුව ඇති බවය.

හිටපු ජනාධිපතිවරයා මෙහි බව කියාසිටියේ පිළියන්දල දී පැවති උත්සවයකින් පසු එම මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමිනි.

තමනට පමණක් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ද නියම තර්කය අනුව නැවත වතාවක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට හැකිවනු ඇතැයිද රාජපක්‍ෂ මහතා තව දුරටත් සදහන් කලේය.

කෙසේ වෙතත් එවන් නීතිමය තත්වයක් ඇතිවුවහොත් ජනාධිපති අපේක්‍ෂකයා කවුදැයි පක්‍ෂය විසින් තීරණය කරනු ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

85 views
Main News