තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]

January 9, 2018 at 10:25 pm | lanka C news
තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]

වත්මන් ආණ්ඩුව යටතේ සම්මත කරන ලද 19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය වසර පහක්ද නැත්නම් හයක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත.

19 වන සංශෝධනය සිදු කරන අවස්ථාවේදී සිටි ජනාධිපතිවරයාටත් එම තීරණය වලංගුදැයි ඔහු එහිදී විමසා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙම මස 14 වැනි දිනට පෙර ලබා දෙන්නැයිද ජනාධිපතිවරයා ඉල්ලා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසින් නීතීඥ සංගමයට ලිඛිතව දන්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ජනවාරි 11 දා සලකා බැලීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙමගින් සෘජුව විමසා බැලෙන්නේ 2021 වන තෙක් විධායක ජනාධිපතිධූරය දැරිය හැකිද යන්නයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන් ජනාධිපති වී දින 100න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ යැයි ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල එයම ප්‍රධාන සටන් පාඨයක්ද කරගෙන ජයගත් ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ තුන් වන වසර සමරන ජනවාරි 8 දිනයේදීම එය විමසා සිටිමයි.

19 වන සංශෝධනය සම්මතකරගත් දිනවලදී ආණ්ඩුවේ පිරිස් පැවසුවේ ජනාධිපතිධූරයේ කාලය වසර 6 සිට 5 දක්වා අඩු කරමින් ජනාදිපතිවරයා ලොවටම ආධර්ශයක් දුන් බවයි. බලය අත් හැරීම පිළිබඳ පූර්වාදර්ශයක් ලෙස එකල සමහරුන් සිරිසේන මහතා හුවා දැක්වීය.

ජනවාරි 8 තෙවර්ෂ පූර්ණය සමරමින් ජනාධිපතිවරයා විසින් විවෘත්ත කළ රාජගිරිය ගුවන් පාලම නැසී ගිය මාදුළුවාවේ සෝභිත නාහිමියන් නමින් නම් කරන ලෙස ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය. සෝභිත හිමියන් 2015 ජනවාරි 8 බල පෙරළියට කර උර දුන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එකම අරමුණ කරගනිමිනි.

සටහන : යටියන ප්‍රදීප් කුමාර

මූලාශ‍්‍රය මෙතනින්

ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය විමසමින් ජනාධිපතිවරයා යැවූ ඉල්ලීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරනයේ ලේඛකාධිකාරිවරයා යොමු කළ ලිපිය

දින සියයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කලින් කරන ලද ප‍්‍රකාශය

72 views

18 Comments to “තමනට 2021 තෙක් ධුරයේ සිටිය හැකිදැයි ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි… එදා කිවුවේ දින සීයෙන් අහොසි කරන බවයි.. [මෙන්න ලිපිය..]”

  1. W M Fernando says:

    Registrar’s letter inform the bar that it will be listed on 11.01.2016. How can they go back to 2016? That means the letter is not valid. This is way our courts work. For nominations all these are big matters.

  2. චතුරි says:

    අනේ ජනාධිපති තාත්තේ දෙවෙනි පොතත් ලියනකං ඉන්නකෝ,,,

  3. Padmini says:

    jnadipathiwaranyak thiyapan ban, bota thawa awurudu 5 inna puluwan

  4. sirineris says:

    mahatmaya. oba palakayek nowe…. rata wwinasa wela. ranil pissu kelinawa oba bala innawa leave tomorrow UGATHKAMA MADI NISA VISION EKAK GEMBURU BUDDIYAK netha.
    dollor eka 160 una nisa badu mila ihala gos api merenna yanawa. desapalana kalata buddhimathek nowe …. pl leave

Main News