තමන්ගේ වැඩක් බලාගන්න.. අපේ වැඩේ අපි කරනවා..- හමුදාපතිගෙන් දෙමල සන්ධානයට සැර ප‍්‍රතිචාර..

August 15, 2019 at 6:48 pm | lanka C news
තමන්ගේ වැඩක් බලාගන්න.. අපේ වැඩේ අපි කරනවා..- හමුදාපතිගෙන් දෙමල සන්ධානයට සැර ප‍්‍රතිචාර..

ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලේ ආරම්භ වී ඇති වාර්ෂික දේව මෙහෙයේ ආරක්ෂක තත්වය පිළිබඳ සොයා බැලීමට යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අගෝස්තු මස 05 වනදා ආරම්භ වූ නල්ලූර් වාර්ෂික මංගල්ලයේ දේව මෙහෙයන් අවසන් වන්නේ සැප්පතම්බර් 01 වනදාය.

එම දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදාවම යෙදවීමට ආරක්ෂක අංශ විසින් ගෙන ඇති පියවරට විරෝධය පාමින් දෙමළ ජාතික සන්ධානයේ ඇතම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ නල්ලූර් කෝවිලේ ආරක්ෂාවට යොදවා ඇති යුද හමුදාව ඉන් ඉවත් කළ යුතු බවටය.

ඒ පිළිබඳව නල්ලූර් කෝවිලේ ආරක්ෂක තත්වය සොයා බැලීමට පැමිණී යුද හමුදාපති ලුතිනන් ජනරල් මහේෂ් සේනානායක මහතාගේ විමසීමේදී යුද හමුදාපති වරයා පවසා සිටියේ,

‘ආරක්ෂාව සැපයීම අපේ කාර්යක් ඒක ඒ අයගේ කාර්යක් නෙමෙයි නමුත් අපි මේ වැඩේ කරන්නේ හැමෝගෙම ආරක්ෂාවට අපි අපේ වැඩේ කරන්න දන්නවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් අපිට තියනවා සමහරවිට ඒ වගේ කතාවල් කියන අයට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැතුව ඇති ඉදිරියටත් ලැබෙන එකකුත් නැතිවෙයි.

‘පාස්කු ඉරිදා සිදු වූ දේ දිහා බැලුවහම තාමත් එවැනි අවස්ථාවක් නැහැ කියන්න බැහැ තවමත් තනි වූ වෘකයෙක්ට මොකක් හරි කරන්න පුලුවන් එහෙම නැත්තම් යම්කිසි පිස්සෙක්ට මොකක්හරි කරන්න පුලුවන් ඒ අයගෙනුත් ඔබලාව ආරක්ෂා කරන්න තමයි අපි මේ කටයුතු කරන්නේ මෙමගින් අපි බලාපොරොත්තු වෙන්නේ කරදරයක් කිරීමට නෙමෙයි ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන්න.

මෙම නිරීක්ෂණ චාරිකාව වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාද ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධූෂංඛ

54,590 Viewers

11 Comments to “තමන්ගේ වැඩක් බලාගන්න.. අපේ වැඩේ අපි කරනවා..- හමුදාපතිගෙන් දෙමල සන්ධානයට සැර ප‍්‍රතිචාර..”

  1. අංකූරා says:

    දෙමළ සංධානයේ ඈයොත් පිරභාහරන් වගේමයි . පය ගහල හිටගෙන ඉන්නකොට හෙන පොර ටෝක්ස් , කෙලවිලා තනි උනාම උදව් ඉල්ලලා යදිනවා!!.

  2. sinha le says:

    සිංහලේ රැකගැනීම හෙළයන්ගේ වැඩක් කල්ලතොනින්ට ඒ ගැන කතා ක‍රන්න කිසිම අයිතියක් නැහැ

    • john the baptice says:

      හා හා රස්සාවක් හොයා ගනින්. දෙමාපියන්ගෙන් ඩේටා කාඩ්දාගෙන පොර ටෝක් නොදී.

      • Me3 says:

        අැයි රිදුනද?

      • Christian says:

        ඔයාගෙ ඩේටා කාර්ඩ් එක දාලා දුන්නෙ දෙමල ඩයි-ඈස්පොරාද නැත්නම් ඇ.තා. නෝනද

      • john the baptice says:

        දෙමාපියන්ගෙන් යැපෙන වෙන එවුන් දෙන්නෙක්ට තද වෙලා 😀

  3. Hirantha says:

    Most of TNA leaders are Born again Devotees
    So they don’t worry about Hindus

  4. MD says:

    Ranilgen Police balatala gannath dan kattiya try karanawa.oya Ranil balaya ganna Rata pawadennath bari naha.Ewa wana R

  5. ගමේ බයියා says:

    මේක ශ්‍රී ලංකාව, මේකේ ආරක්ෂාව ගැන අපි බලාගත යුතුයි. දෙමළ සංධානයට අවශ්‍යනම් තමිල්නාඩුවේ ආරක්ෂාව ගැන worry විය හැකියි.

  6. Me3 says:

    අැයි රිදුනද?

  7. ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ta deegau weywa !!! Jayawey wa!!

Main News