තමන්ට බහුතරය නොමැති බව රනිල් ඔප්පු කර පෙන්වයි.. එජාපෙ 98ක් පමණයි.. අද පාර්ලිමේන්තුවේ නිල වාර්තා මෙන්න..

November 2, 2018 at 3:50 pm | lanka C news
තමන්ට බහුතරය නොමැති බව රනිල් ඔප්පු කර පෙන්වයි.. එජාපෙ 98ක් පමණයි.. අද පාර්ලිමේන්තුවේ නිල වාර්තා මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂයට පාර්ලිමේන්තුවේ ආසන 118ක් ඇතැයි යෝජනාවක් සම්මත කලේ යයි පැවසුවත් අද රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිට බහුතරයක් නැතැයි ඔප්පු කර ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

තමන්ට බහුතරය නොමැති බව රනිල් වික‍්‍රමසිංහ ඔප්පු කරයි

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්ෂව පාර්ලිමේන්තු බහුතරය ඇති බව එම පාර්ශව විසින් පසුගිය දින කිහිපය පුරා දිගින් දිගටම කියා සිටියේය. එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ ඒ බව සංඛ්‍යාත්මකව ඔප්පු කිරීම සදහාය. නමුත් රනිල් වික‍්‍රමසිංහ හිටපු අගමැතිවරයාට වත්මන් පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව අද ඔහු විසින්ම ඔප්පු කරනු ලැබීය.

එක්සත් ජාතික පෙරමුණට දැනට සිටින්නේ මන්ත‍්‍රීවරුන් 98 කු පමණි. පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත‍්‍රීවරු 113 කු එකතු කර ගැනීම එක්සත් ජාතික පක්ෂයට කිසිවිටකත් ජයගත නොහැකි ඉලක්කයක් බව විද්‍යාත්මකව ඔප්පු වී තිබේ. එමෙන්ම අද පාර්ලිමේන්තුවට පැමිණි සියලූ පක්ෂවල මන්ත‍්‍රී සංඛ්‍යාවේ මුඵ එකතුව 112 ක් පමණි.

අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව පිළිබද නිරවුල්ම තොරතුර පහත පරිදි වේ.

  • අද දින පාර්ලිමේන්තු පැමිණි එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී සංඛ්‍යාව – 98
  • අද දින පාර්ලිමේන්තු පැමිණි ටී.එන්.ඒ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 12
  • අද දින පාර්ලිමේන්තු පැමිණි ජ.වි.පෙ. මන්ත‍්‍රී සංඛ්‍යාව – 02
  • පැමිණ සිටි මුඵ මන්ත‍්‍රී සංඛ්‍යාව – 112

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යවරයා මුඵමණින්ම අසමත් වූ බව ඉහත දත්ත මගින් පැහැදිලි වේ. අද දින පාර්ලිමේන්තුවට පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා සහ ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් 12 දෙනා පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම පිණිස නොවේ. එම මන්ත‍්‍රීවරු 14 දෙනාගේ ඉල්ලීම වූයේ පාර්ලිමේන්තුව නැවත කැදවීම පමණි.

මෙම සමස්ත තත්වය අධ්‍යයනය කරමින් අපි යලිත් අවධාරනය කර සිටින්නේ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව ඔහු විසින්ම අද දින ඔප්පු කළ බවයි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

15 views

11 Comments to “තමන්ට බහුතරය නොමැති බව රනිල් ඔප්පු කර පෙන්වයි.. එජාපෙ 98ක් පමණයි.. අද පාර්ලිමේන්තුවේ නිල වාර්තා මෙන්න..”

  1. david milibanda says:

    Aney………………… Jaa Vii Pee ekata dekada thiyenne? Anee apoi, mung sadde danne 15-20 withra thiyena wa wage nee.
    Sadukin Pelena ewun dan $$$ walin weda……….. Yanne holiday Ireland………
    Following American type of Marxism ????????????????

  2. බබා says:

    හැමෝම ආවෙ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්න මිසක් බහුතරය පෙන්වන්න නෙවෙයි. ඒ ඉලක්කම් හරහා ගොං කතා කියන එක කියන මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම තමයි කියාපාන්නෙ.

    • Wijebahu says:

      ehenam hangi muttham karanne nathuwa parlimenthuwa kandawanna baya ayi.

      • maraya says:

        එජාපෙ 98ට දුටු තැන කුණු බිත්තර වලින් සංග්‍රහ කරනු …ඔවුන් අපේ රට විනාශ කරන දේශද්‍රෝහියන්ය

  3. පීචං says:

    එල එල, ඒ කියන්නේ මහින්දට 127 ක් ඉන්නවා.
    ජය වේවා…..

  4. Raawana says:

    sabhaawe thadin sina……!!!

  5. මණ්ඩුක says:

    පෝසත් කොළ ඇතාණෝ
    බින්-බැසි සිරි කොතාණෝ
    නළු නොව, මොළ රජාණෝ
    අගමැති මහ ඇතා No..
    ඇතා No…. ඇතා No….//

    කිරුළ බිම හෙළා හිස රැඳි පියාණෝ
    විලැස හැසිරුණිද සක්කිලි සතානෝ
    පියාණන් ලෙසට නැණ නැති සඳාණෝ
    නෙවෙද නුඹත්, හැල නොට්ටිගෙ පුතාණෝ

    (Narrator: නාමල් FCID යෙන් බැස ජොගින් කර නික්ම යයි)

    අවදි කලත් ගඳ කක්කුසි කටානෝ
    ඌට නොදෙවෙනිය උගෙ ලොකු පුතාණෝ
    දොට්ට දැමුව කල උන්, රජ පඹාණෝ
    දොඩති නන්, ඇසින් කඳුළුත් සලානෝ

    (Narrator: රාජිත පවුලේ මාධ්‍ය ප්‍රකාශ)

    තෙල් මිල සුතුර, කොලු මංගල සිටාණෝ
    පෙන්නා සමච්චල් කොට දන වෙතානෝ
    අහිමි කලට බල, වැසි දෙවි රජාණෝ
    දේදුන්නක් පා සරදම් කළානෝ

    (Narrator: මංගල සමරවීර රූපවාහිනී පරිශ්‍රය අසලදී හූ කියා එලවා ගනිති)

    පතුරු ගසා විල්පත් වන පෙතානෝ
    බදුරු දීන් වන සූකර සඳානෝ
    වලෙන් වලට පැන කති මළ පසානෝ
    උන්ට එදිරි නීතිය නම් නැතානෝ

    (Narrator: රිෂාඩ් බදුර්දීන් මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට එකතු වන ලකුණු)

    පෝසත් කොළ ඇතාණෝ
    බින්-බැසි සිරි කොතාණෝ
    නළු නොව, මොළ රජාණෝ
    අගමැති මහ ඇතා No..
    ඇතා No…. ඇතා No….//

    https://www.youtube.com/watch?v=cbNMdrrQH_U

  6. LION says:

    රනිල් වැනි දොන් ජුවන්ලට අපේ රටේ මින් ඉදිරියට තැනක් නැහැ

  7. ratawesiya says:

    etta netta kara penwana ,boru kelabana wimal wagema nuuuugatth janathawanomaga yawna kalakanni web site ekak meka

    sure MEM COMMENTT KA PALA KARANNE NETHA
    nodokin etta kiyapalla manussayo

  8. Chinthaka says:

    You wait and see.when India order TNA whole set will vote for Ranil. Also bloody Jvp jokers also when they get orders from West will vote for Ranil. Do not miss calculate.

  9. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Parliament aawe 112.UNP 98; JVP 2; TNA 22; ETAKOTA MAHINDATA MAIREETA 0 ETAKOTA BAHUTARAYA PENWANNA MAHINDATA 113 ADUDA? GON KATHAWAK MEKA.

Main News