තමන්ද නොදැන යැවූ නිවේදනය ගැන අගමැති මහින්ද පොහොට්ටු ලේකම්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

June 15, 2021 at 3:00 pm | lanka C news
තමන්ද නොදැන යැවූ නිවේදනය ගැන අගමැති මහින්ද පොහොට්ටු ලේකම්ගෙන් ප‍්‍රශ්ණ කරයි..

ආණ්ඩුව විසින් ඉන්ධන මිල වැඩි කිරීමට ගන්න ලද තීරණය විවේචනයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කළ නිවේදනය ගැන ඔහුගෙන් කරුණු විමසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

මේ පිළිබඳව මහ ලේකම්වරයාගෙන් කරුණු විමසීමට බලාපොරොත්තු වන බවද පවසා ඇති අග්‍රාමාත්‍යවරයා මෙවන් ප්‍රශ්න අල්ලාගෙන ඇතැමුන් ආණ්ඩුවේ ප්‍රශ්න වැඩියි කියා සිතනවා නම් එය වැරදි බව ද සඳහන් කර ඇත.

මෙමගින් ආණ්ඩු වෙනසක් ඇති වන්නේ ඇයි විපක්ෂය සිතන්නේ නම් එය වැරදි අදහසක් බවත් ආණ්ඩුව දිගටම ගෙන වන බවත් අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.

සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවා නොදැන සිටි බවට චෝදනා එල්ල වෙයි.

51,651 views

27 Comments to “තමන්ද නොදැන යැවූ නිවේදනය ගැන අගමැති මහින්ද පොහොට්ටු ලේකම්ගෙන් ප‍්‍රශ්ණ කරයි..”

  1. රාජන් says:

    දැන් මරා මැතිදුන්ම කිව්වා නේද ඕනෑම කෙනෙක්ට අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ? කරුණු විමසන්නේ මගෙ හිතේ ප්‍රකාශයේ අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ ගැන වෙන්න ඕනේ !

Main News