තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

June 9, 2022 at 6:16 am | lanka C news
තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන කනගාටුදායක ආරංචිය ඔහු ප්‍රකාශ කළා පමණයි  හාල් හිඟයක් නිර්මාණය වුණා. නිර්මාණය වුණු හාල් හිඟය ඊළඟ පියවර මොකක්ද මොකක්ද වැඩි මිලකට හාල් විකිණීම. මෙන්න මේ අසාධාරණ ව්‍යාපාරය ඉදිරියට මුළු රටටම බලපානවා. මේකටත් ප්‍රධාන හේතු වුණේ දුරදිග නොබලා වගකිවයුත්තන් කරන ප්‍රකාශ යි. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම කෘෂිකර්ම අමාත්‍යංශය වගකිව යුතුයි. පාරිභෝගික අධිකාරිය වගකිව යුතුයි’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ රටේ පවතින වත්මන් තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

‘සහල්වලට පාලන මිලක් නියම කර කරගැනීමට බැරිව ආණ්ඩුව අකර්මණ්‍ය  උනා.ආණ්ඩුව අංගවිකල වෙලා. සෑම අංශයකින්ම බැලුවාම අද පාරිභෝගික අධිකාරියක් නැහැ.මිල නියමයක් නැහැ මිල නියම කරන්නේ නිෂ්පාදකයෝ සහ අතර මැදි ව මෙන්ම ව්‍යාපාරිකයන්. මේක නිසා ජනතාවට මහත් දුක්ඛ වේදනාවන් රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ දරාගත නොහැකි උසුලාගත නොහැකි සහල් මිල පාලනය කළ යුතුයි. සඟවාගෙන ඇති සහල් වැටලීම් කරල අරගෙන නැවතත් වෙළඳපොලට නිකුත් කර යුතුයි. මේ ජන අසාධාරණයෙන් ජනතාව බේරා ගත යුතුයි. මෙය කෘතිම ලෙස ඉහළ යන සහල් මිල වහාම අඩු කළ යුතුයි. රජය ඒ සම්බන්ධයෙන් පාලන මිලක් නියම කොට පවත්වාගෙන යාමට නීතිමය බලය යොදවිය යුතුයි.

හාල් ඛේදවාචක ඛේදවාචකය සම්බන්ධයෙන් මුළු රටම දරුණු ඛේදවාචකයක් පත්ව තැන්පත් වීමට කරුණු පහළ වෙලා තියෙනවා.විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය කරන වලව විශේෂ බල ප්‍රදේශය වැනි ප්‍රදේශයක් ගත්තාම මේ කාරණාවේ බරපතලකම තේරුම් ගන්න පුළුවනි. දැන් ඇඹිලිපිටියේ වර්තමානයේ අද වන විට හාල් මිල රුපියල් 300 ට ආසන්නයි 270 ට වඩා වැඩියි. පෙරේදා වන විට රුපියල් 220 තිබුණු සහල් අසාමාන්‍ය ලෙස කෘතීම ලෙස මේ ආකාරයෙන් වැඩි උනේ කෙසේද. අපි දන්නා පරිදි සාමාන්‍යයෙන් දින දහයක් පමණ ඇතුලත 220,230,240,250, අද 270 යි.සහල් නිෂ්පාදනය කරන ඇඹිලිපිටිය ප්‍රදේශයේ තත්වය මෙහෙමනං අනෙක් ප්‍රදේශ වල තත්වය පිළිබඳ කියන්න දෙයක් නැහැ. ඇයි මෙවන් හදිසි මිල යමක් සිදු වුණේ. හාල් මෝල් හිමියන් කියනවා තමනුත් පුදුම වෙනවා ඇයි මෙහෙම වුනේ කියලා. සමහර වෙළඳුන් දැන් කෘතීම සහල් හිඟයක් මවනවා තියෙන සහල් හංගලා.

පසුගියදා බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා තමන් අසාර්ථක ජනාධිපතිවරයෙක් බව. අසාර්ථක ජනාධිපති වරයෙක් වශයෙන් ඒ තනතුරෙන් ඉවත් වීමට තමන් සූදානම් නැහැ. ඉදිරි ඉතිරි නිල කාලයක් තමන් රාජකාරි කටයුතුවල නියැළෙනවා කියන බව එතුමා ප්‍රකාශ කළා. බුද්ධ ධර්මයට අනුව යමෙක් තමන්ගේ දුර්වලකම නොහැකියාව අසමත් බව අනුවණ බව ප්‍රකාශ කරනවා නං ඒ කාරණාව අතින් ඔහු පඬිවරයෙක්. නුවණැත්තෙක් කියලා.ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා තමන්ගේ නොහැකියාව තමන්ගේ අසාර්ථක භාවය පිළිබඳව පළ කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. කුමක් හෙයින් ද හෙයින් ද ඒ කාරණාව අතින් එතුමා තමන්ගේ  බුද්ධිමත් භාවය එතනින් ප්‍රකාශයට පත් කළ නිසා. දැන් තමන් අසාර්ථක නම් තමන්ගේ කටයුතු දුබල ද දුබල තාවයෙන් යුතු නම් අවශ්‍ය කරන බුද්ධිමය ශක්තිය මෙහෙයුම් ශක්තිය ක්‍රියාශීලිත්වය තමන් තුළ තිබුණේ නැහැ කියලා පිළිගන්නවා නම් එතන ඉදල හැදෙන්න පුළුවනි.

ඇයි ඔබතුමා අසාර්ථක වුණේ. ඔබතුමාගේ මේ මහා අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුව වැරදි උපදෙස්. ඔබතුමා උපදෙස් ගත්තේ දේවාල කපුවන්ගයෙන් කට්ටඩියන්ගේ ආත්මාර්ථකාමී නිලධාරීන්ගෙන් හිතවතුන්ගෙන් පවුලේ උදවියගෙන්, මෙන්න මේ වැරදි උපදෙස් නිසා තමයි ඔබතුමා අසාර්ථක වුණේ. ඒ අසාර්ථක භාවයත් එක්කම සමස්ත ශ්‍රී ලංකා ජනතාවම මහත් විපතකට පීඩාවකට පත් වුණේ ඔබතුමා අසාර්ථක භාවය නිසා. දැන්වත් හැදෙන්න උත්සාහ ගන්න ඉතාමත් ඉක්මනින් නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. පසුගිය අප්‍රේල් හතරවැනිදා4 වැනිදා අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලා දුන් උපදෙස්. ඒ උපදෙස් පත්‍රිකාවේ කරුණු හයක් තියෙනවා.ඒ එකම කරුණක්වත් ඔබතුමා ඉෂ්ට කරලා නැහැ. එපමණකුත් නොවේ බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් බුද්ධිමතුන් විසින් දෙන ලද නියාමනයක් මගපෙන්වීමක් පිළිගන්න බවක් පේන්නෙ නැහැ. ඒ නිසා දැන්වත් නිවැරදි වෙන්න වෙන්න ජනාධිපතිතුමනි, මේ රටේ ජාතික ධනය මහා පරිමාණ කොල්ල කෑමකටවංචාවකට ගොදුරු වෙලා තියෙනවා. මේ වංචනිකයෝ වහාම අල්ලන්න. ඔවුන්ට නීතිමය ආකාරයෙන් දඬුවම් දෙන්න. පැහැරගනු ලැබූ ධනය යළිත් මහා භාණ්ඩාගාරයට ගේන්න.

මෙන්න මේ කාරණය රට ගොඩ ගැනීමට ප්‍රධාන පියවරක් පමණක් නෙවෙයි ඔබතුමා ගැන ජාතික සහ ජාත්‍යන්තර තලයේ ම සුවිශේෂ අවධානයක් යොමු වන කරුණක්. ඔබතුමා වෙත පැවරුණු අසීමිත බලය ඉවත් කර ව්‍යවස්ථා සංශෝධනය මගින් සාධනීය වැඩපිළිවෙළක් සඳහා පසුබිම සකස් කරන්න. සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලන ක්‍රමයක් පිහිටවන්න. ඊට පසු මහ මැතිවරණයකට යාම සඳහා පසුබිම සකස් කරන්න. ඔබතුමාගේ අසාර්ථක භාවය පිළිගත්තා සේමඉදිරියේ දී අසාර්ථක භාවයෙන් ගොඩ එන්න අවංක උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේක තමයි වැඩපිළිවෙළ අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නිවැරදි වෙන්න කියා’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

 

65,083 views

23 Comments to “තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…”

  1. දෙවුදත්තර says:

    ඔබ වහන්සේ කියන විදියට ඒ හාල් හිග වෙනවා කියුව ප්‍රකාශය නිසා හාල් මිල වැඩි වුනා තමයි.. හැබැයි ඒ බය කරපු එකෙන් දැන් ගොවියෝ පොහොර නැතුව හරි වගා කිරීම ආරම්භ කරා මොකද තමන්ගේ පවුලට හරි කන්න හාල් ඕනේ නිසා. ඉතින් වැරදි පැත්ත ගැන විතරක් නොකියා හොඳ පැත්ත ගැනත් කියන්න ස්වාමිනි එතකොට තමයි බුද්ධ පුත්‍රයෙක් වෙන්නේ. නැත්තං වෙන්නේ අර දෙවුදත්තර පුත්‍රයෙක්.

  2. මිල්ලංගොඩ ඒකනායක, says:

    හාල් මුදලාලි කෙනෙක් කෘෂිකර්ම ඇමති වුණාම වෙන දේ ඕක තමයි

  3. වගාව says:

    හැකි යම් දෙයක් වවන්න, කොස් පොල් දෙල් ගස් වලට සලකන්න , මිරිදිය කරදිය මසුන්, කුකුළු පාලනය ව්‍යාප්ත කරන්න.ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිත් සතන් සන්සුන් කරගමු

  4. User Name says:

    දැන් එතකොට මොකක්ද කරන්න කියන්නෙ? ඇත්ත කියන්නෙ නැති වුනහම බනිනව මිනිස්සුන්ගෙන් ආණ්ඩුව සත්‍ය වසන් කරනව කියල.
    කිව්වහම බනිනව එහෙම කිව්ව නිසා හිඟයක් ඇති වුනා කියල
    රටේ මිනිස්සුන්ට පුලුවන්නං බොරුවට හැම දේටම බනින එක නවත්තන්න? සමහර විට රට දියුණු වෙයි
    සමහර විට
    මොකද ලංකාවෙ මිනිස්සුන්ට බොරුවට හැම දේටම බනින එක නවත්තන්නත් බෑ
    ලංකාවෙ දේශපාලකයට හොරා කන එක නවත්තන්නත් බෑ
    ජන්මෙන් එන පුරුදු

  5. සෙරෙප්පු සුප්. says:

    ඔවා දෙනු පරහට​,තමා සම්මතයේ පිහිටා සිට​.පුරාණෙ ඉඳලම මේ වගේ ප්‍රකාශ පැවත එන්නෙ කට කහනවටවත් නිකන් ඉන්න බැරුවටවත් නොවෙයි. සෝභිත උන්නැහේ බුද්ධ චීවරය පාවඩේට දාල ඒක උඩින් ලෝගු කාරයින් වඩම්මල කඳුලගෙන් බණ අහල​(චාල්ස් තෝමස් සහෝදරය​)දැන් අපට බණ කියන්න ආවට වැඩක් නැහැ ආයුබොවං.දැන් ඔහේ හත් පොලේ ගාගෙන හමාරයි.ඩොලර්වලින් හැම දේම කරන්න බැහැ.චීවරය දා ගත්ත පෘථග්ජනයින්ට ඩොලර් දකින විට ආශාව ඇති වෙන එක සාමාන්‍යයි,ඒත් ඒව බදා ගන්න ගියාම උන් හිටි තැන් අමතක වෙලා හතර අතේ ගඳ ගහන බව දැන ගන්නකොට ඔය පණ්ඩිත මොලේ පරක්කු වැඩියි සෝභිත උන්නැහේ.ඔබ සේවය කරන්නේ සාතන්ට බව පැහැදිලියි.සාතන්ගේ සෙවනැල්ලෙන් ඔබ මෝහනය කර ඇත.පසුගිය කාලය පුරාවටම ඔබ එය ක්‍රියාවෙන් ඔප්පු කර ඇත. පාර වරද්දා ගත් ඔබ ආපහු හැරී බලන්න​. ඔබ දහමෙහි අසමත්.
    ඔය බුද්ධ චීවරයට තමන් අතින් අති විශාල වැරැද්දක් සිදුවී ඇති බව පිළිගන්න​.එහෙම උනොත් ඔබ ඤාණවන්තයි කියා අපි පිළිගන්නම්.දහමෙහි හැසිරෙනවා කියා පිළිගන්නම්.සෝභිත හාමුදුරුවෝ කියා අමතන්නම්.එතෙක් සෝභිත උන්නැහේ කීවාට අමනාප වෙන්න එපා.

    • Ha ha says:

      Well said මචං. ඔය man සුදු ලෝගු හොරාටයි, NGO බත්බැල කළු කෝට් ත්‍රස්තවාදීන්ටයි, හිගන ගණිකා නිළියන්ට යි රැවටිලා

  6. Kaduwela silva says:

    නූතන හනුමන්තා හෙවත් ඕමල්පේ සිවුරු ධාරිය. පොරව ගනින් කලු සිවුරක්.

  7. ෴හෙළයනි බටහිර ආක්‍රමිකයන්ට නොරැවටෙනු,. ! says:

    හොරාකාපු පව්ලේ ඵවුන් ආරකෂා කරමින් තවදුරටත් අසීමාන්තික දූශිත වළල්ලක් පෝශණයකරමින් සමස්ථ ලෝකය්ම දූශීතම රටබවට පත්කරමින්,.

    බටහිර අධිරාඡ්‍යවාදී යාන්ත්‍රණ මර උගුල් තුළ රටට සිරකරමින්,.

    දේශීය දැනුම ,දේශීය බද්ධිමතුන් මර්ධණය කරමින්,.

    මාත්‍රෘෘභූමියේ ප්‍රෞඪ ඉතිහාසය නොහඳුනා ,.
    මුතුන්මිත්තන් අවුරැදු තුන්සීය හයසීය ගනණින් ආයුශ වැළඳූ හෙළ ඡීවන රටාවන් ආහාරපාන,හෙළ ඔසු ඇතුළු සමස්ථ ඉතිහාසයට ගරහනා,.

    අවුරැදු තුන්දහසක්වත් ඉතිහාසය නොමැති ආරම්භයක් නොමැති සුදුඡාතික පිටසක්වල ආක්‍රමික පරපෝශිතයන්ගේ වංචාවේ දූශනයේ මිනිමැරීමේ අධිපතිවාදීන්ගේ දේශය වන ”අවුරැදු දෙසීයක තරම් කෙටි සහ කෘෘර ඉතිහාසයක් සහිත, මිනිමරැ බටහිර යන්ගේ කුමන්ත්‍රණික දේශය අමෙරිකාවට වහල්කම් කරනා,.

    දේශීය හෙළ ඔසු තුරන්කර,ආහාර රටාවන් වික්‍රෘතිකර.. රත කළකය කන්සාපැළය තහනම්කර,. සවභාදහම දායාද කළ දේශීය ඔසු පැළ වීණාශකිරීමට වසවිස මහපොළවට යොදනා ,.
    ප්‍රෘථිවියේ සමස්ථ ඡීවයට,. ඡෙෙව විවිධත්වයට අභියෝග කරනා,.
    ආක්‍රමික වංචනික ඡනසංහාරක මුග්ධ බටහිර දැනුමෙන් හිස පුම්බාගන්නා ළද අසමඡ්ඡාති වහල් මුග්ගධයන් විසින් පරම සත්‍ය පිළිබඳව අවභෝදයක් නොමැතිව,. හීනමානය,. තෘශ්ණාව,. වහල්භාවය කරපින්නාගන්නාළද උපදේශකයන්ට ගොදුරැව,.
    අවම තරමේ අවුරැදු සීයක්වත් ආයුශ වැළදීමට නොහැකිව,.
    මිත්‍යාවේ ත්‍රෘෂ්ණාවේ දූෂණයේ වහළ්භාවයේ ඇළී ගැළී,.
    ලෝකය පාළණය කළයුතු බුද්ධිමතුන්ගේ දේශය,. ධර්මද්වීපය,.
    පුණ්‍ය භූමිය, විනයට දැනුමට පිටුපා,.
    මිහිපිට අපායක් බවට පත්කරනු ලද වගයි,.!

    .෴හෙළයනි බටහිර ආක්‍රමිකයන්ට නොරැවටෙනු,. !
    හඩගා මොරගා දේශය ඡීවය නගාසිටුවීමට වීවිධ වේශයන්ගෙන් පැමින සිටිනා,.
    දැනුමට අධිපති මුතුන්මිත්තන්ට සවන්දී සත්‍ය සෙවීමට සැබෑ දැනුමේ පිපාසාව වහා අවදිකරගනු,.!෴.

  8. Ratawasiya says:

    Yes, we have understood this fully , but you mutt, did not understand this all this time, you were inciting people for violence.

Main News