තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

June 9, 2022 at 6:16 am | lanka C news
තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

‘සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදු සිදු වෙනවා ය කියන කනගාටුදායක ආරංචිය ඔහු ප්‍රකාශ කළා පමණයි  හාල් හිඟයක් නිර්මාණය වුණා. නිර්මාණය වුණු හාල් හිඟය ඊළඟ පියවර මොකක්ද මොකක්ද වැඩි මිලකට හාල් විකිණීම. මෙන්න මේ අසාධාරණ ව්‍යාපාරය ඉදිරියට මුළු රටටම බලපානවා. මේකටත් ප්‍රධාන හේතු වුණේ දුරදිග නොබලා වගකිවයුත්තන් කරන ප්‍රකාශ යි. මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම කෘෂිකර්ම අමාත්‍යංශය වගකිව යුතුයි. පාරිභෝගික අධිකාරිය වගකිව යුතුයි’ යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ රටේ පවතින වත්මන් තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී මාධ්‍ය හමුවක් කැදවමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ,

‘සහල්වලට පාලන මිලක් නියම කර කරගැනීමට බැරිව ආණ්ඩුව අකර්මණ්‍ය  උනා.ආණ්ඩුව අංගවිකල වෙලා. සෑම අංශයකින්ම බැලුවාම අද පාරිභෝගික අධිකාරියක් නැහැ.මිල නියමයක් නැහැ මිල නියම කරන්නේ නිෂ්පාදකයෝ සහ අතර මැදි ව මෙන්ම ව්‍යාපාරිකයන්. මේක නිසා ජනතාවට මහත් දුක්ඛ වේදනාවන් රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. මේ දරාගත නොහැකි උසුලාගත නොහැකි සහල් මිල පාලනය කළ යුතුයි. සඟවාගෙන ඇති සහල් වැටලීම් කරල අරගෙන නැවතත් වෙළඳපොලට නිකුත් කර යුතුයි. මේ ජන අසාධාරණයෙන් ජනතාව බේරා ගත යුතුයි. මෙය කෘතිම ලෙස ඉහළ යන සහල් මිල වහාම අඩු කළ යුතුයි. රජය ඒ සම්බන්ධයෙන් පාලන මිලක් නියම කොට පවත්වාගෙන යාමට නීතිමය බලය යොදවිය යුතුයි.

හාල් ඛේදවාචක ඛේදවාචකය සම්බන්ධයෙන් මුළු රටම දරුණු ඛේදවාචකයක් පත්ව තැන්පත් වීමට කරුණු පහළ වෙලා තියෙනවා.විශේෂයෙන්ම සහල් නිෂ්පාදනය කරන වලව විශේෂ බල ප්‍රදේශය වැනි ප්‍රදේශයක් ගත්තාම මේ කාරණාවේ බරපතලකම තේරුම් ගන්න පුළුවනි. දැන් ඇඹිලිපිටියේ වර්තමානයේ අද වන විට හාල් මිල රුපියල් 300 ට ආසන්නයි 270 ට වඩා වැඩියි. පෙරේදා වන විට රුපියල් 220 තිබුණු සහල් අසාමාන්‍ය ලෙස කෘතීම ලෙස මේ ආකාරයෙන් වැඩි උනේ කෙසේද. අපි දන්නා පරිදි සාමාන්‍යයෙන් දින දහයක් පමණ ඇතුලත 220,230,240,250, අද 270 යි.සහල් නිෂ්පාදනය කරන ඇඹිලිපිටිය ප්‍රදේශයේ තත්වය මෙහෙමනං අනෙක් ප්‍රදේශ වල තත්වය පිළිබඳ කියන්න දෙයක් නැහැ. ඇයි මෙවන් හදිසි මිල යමක් සිදු වුණේ. හාල් මෝල් හිමියන් කියනවා තමනුත් පුදුම වෙනවා ඇයි මෙහෙම වුනේ කියලා. සමහර වෙළඳුන් දැන් කෘතීම සහල් හිඟයක් මවනවා තියෙන සහල් හංගලා.

පසුගියදා බීබීසී ලෝක සේවයට ප්‍රකාශයක් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා තමන් අසාර්ථක ජනාධිපතිවරයෙක් බව. අසාර්ථක ජනාධිපති වරයෙක් වශයෙන් ඒ තනතුරෙන් ඉවත් වීමට තමන් සූදානම් නැහැ. ඉදිරි ඉතිරි නිල කාලයක් තමන් රාජකාරි කටයුතුවල නියැළෙනවා කියන බව එතුමා ප්‍රකාශ කළා. බුද්ධ ධර්මයට අනුව යමෙක් තමන්ගේ දුර්වලකම නොහැකියාව අසමත් බව අනුවණ බව ප්‍රකාශ කරනවා නං ඒ කාරණාව අතින් ඔහු පඬිවරයෙක්. නුවණැත්තෙක් කියලා.ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මා තමන්ගේ නොහැකියාව තමන්ගේ අසාර්ථක භාවය පිළිබඳව පළ කිරීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. කුමක් හෙයින් ද හෙයින් ද ඒ කාරණාව අතින් එතුමා තමන්ගේ  බුද්ධිමත් භාවය එතනින් ප්‍රකාශයට පත් කළ නිසා. දැන් තමන් අසාර්ථක නම් තමන්ගේ කටයුතු දුබල ද දුබල තාවයෙන් යුතු නම් අවශ්‍ය කරන බුද්ධිමය ශක්තිය මෙහෙයුම් ශක්තිය ක්‍රියාශීලිත්වය තමන් තුළ තිබුණේ නැහැ කියලා පිළිගන්නවා නම් එතන ඉදල හැදෙන්න පුළුවනි.

ඇයි ඔබතුමා අසාර්ථක වුණේ. ඔබතුමාගේ මේ මහා අසාර්ථක භාවයට ප්‍රධානතම හේතුව වැරදි උපදෙස්. ඔබතුමා උපදෙස් ගත්තේ දේවාල කපුවන්ගයෙන් කට්ටඩියන්ගේ ආත්මාර්ථකාමී නිලධාරීන්ගෙන් හිතවතුන්ගෙන් පවුලේ උදවියගෙන්, මෙන්න මේ වැරදි උපදෙස් නිසා තමයි ඔබතුමා අසාර්ථක වුණේ. ඒ අසාර්ථක භාවයත් එක්කම සමස්ත ශ්‍රී ලංකා ජනතාවම මහත් විපතකට පීඩාවකට පත් වුණේ ඔබතුමා අසාර්ථක භාවය නිසා. දැන්වත් හැදෙන්න උත්සාහ ගන්න ඉතාමත් ඉක්මනින් නිවැරදි වෙන්න අවස්ථාවක් තියෙනවා. පසුගිය අප්‍රේල් හතරවැනිදා4 වැනිදා අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලා දුන් උපදෙස්. ඒ උපදෙස් පත්‍රිකාවේ කරුණු හයක් තියෙනවා.ඒ එකම කරුණක්වත් ඔබතුමා ඉෂ්ට කරලා නැහැ. එපමණකුත් නොවේ බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් බුද්ධිමතුන් විසින් දෙන ලද නියාමනයක් මගපෙන්වීමක් පිළිගන්න බවක් පේන්නෙ නැහැ. ඒ නිසා දැන්වත් නිවැරදි වෙන්න වෙන්න ජනාධිපතිතුමනි, මේ රටේ ජාතික ධනය මහා පරිමාණ කොල්ල කෑමකටවංචාවකට ගොදුරු වෙලා තියෙනවා. මේ වංචනිකයෝ වහාම අල්ලන්න. ඔවුන්ට නීතිමය ආකාරයෙන් දඬුවම් දෙන්න. පැහැරගනු ලැබූ ධනය යළිත් මහා භාණ්ඩාගාරයට ගේන්න.

මෙන්න මේ කාරණය රට ගොඩ ගැනීමට ප්‍රධාන පියවරක් පමණක් නෙවෙයි ඔබතුමා ගැන ජාතික සහ ජාත්‍යන්තර තලයේ ම සුවිශේෂ අවධානයක් යොමු වන කරුණක්. ඔබතුමා වෙත පැවරුණු අසීමිත බලය ඉවත් කර ව්‍යවස්ථා සංශෝධනය මගින් සාධනීය වැඩපිළිවෙළක් සඳහා පසුබිම සකස් කරන්න. සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලන ක්‍රමයක් පිහිටවන්න. ඊට පසු මහ මැතිවරණයකට යාම සඳහා පසුබිම සකස් කරන්න. ඔබතුමාගේ අසාර්ථක භාවය පිළිගත්තා සේමඉදිරියේ දී අසාර්ථක භාවයෙන් ගොඩ එන්න අවංක උත්සාහයක් තියෙනවා නම් මෙන්න මේක තමයි වැඩපිළිවෙළ අපි ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා කරුණාකර නිවැරදි වෙන්න කියා’

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

 

65,130 views

23 Comments to “තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…”

  1. Lalla says:

    අසමත් සිසුවෙක් නැවත එම පන්තියේ තියාගෙන ඉන්නේ නැත.ඒක අනික් සිසුවන්ට අධ්‍යාපනය දීමට බාධාවන නිසා.ජනපති අසමත් වීම මුලු රටේම අසමත්වීම. ඒ අනුව අසමත් මූලිකයා ඉවත්ව විකල්ප නව නායකත්වයකට ඉඩ ලබාදිය යුතුයි. එහෙම නේද හාමුදුරුවනේ විය යුත්තේ…….

    • Jepi Lalla says:

      Lalla hulla bella walla ලොගු ජංගී හමුදාවේ තවත් අපරාධ කාරයෙක්.

    • Nuwan says:

      ඒක එහෙම වෙන්නෙ නෑ ලංකාවේ. අපි දැක්කානේ රනිල් දිගින් දිගටම අසාර්ථක වුණත් දුම් ගහලා වත් පක්ෂ නායකත්වයෙන් එලවන්න බැර්‍ඉ වුණා. අනුර කුමාර හැමදාම අසාර්ථකයි. තාමත් බල ලෝභ කමේ දඟලනවා. නන්දෙත් එච්චර තමයි.

    • GU-VP SAKKILI API says:

      Irelend ගමේ අප ගු-ලප කුමාර ජනපති කරමු.
      ඔය පුටියට යස පාඩමක් උගනි එක දවසින් රුසියාව ගිනිතියලා

  2. Nishanthi says:

    Ane haamuduruwane oyaata wena wedak nedda.koy welaaweth eka manussayek allagena waada vivaada karanawa. Owata wadaa aagamika weda thiyenawa karanna.gihiyo balaagani oya dewal haamuduruwo aagamika peththa gena balaaganna. Nethnam oya cheewaraya galawala deshapaalanayata enna

  3. අලවතුරේ says:

    ගෙදර කන්න නැතිකමට, පවුලේ දරුවන් ගණන වැඩි නිසා , ඈත දුෂ්කර පලාත්වල ගම්මානව දිළිඳු පවුල්වලින් පොඩි කාලේ පන්සලට බලෙන් ගෙනිහින් අතෑරපු එවුන් ..
    උන්ට නිවන් දකින්න උවමනාවක් නෑ. පිනට ඉගෙන ගෙන , පිනට කාලා , ඒ මදිවට ආමීෂ පූජා නාමයෙන් මිනිස්සුන්ව හූරගෙනත් කනවා.
    උදේට , හවසට , ඉරිදට , පෝයට ලවුඩ්ස්පීකර් දාලා අහල පහල ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර පලන මිලේච්ජයෝ..
    මේ සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා නොවෙයි. මේ බුදු දහමේ නාමයෙන් තම පවිටු අරමුණු මුදුන්පත් කරගන්න මාන බලන අවස්ථාවාදීන්.
    ඔවුන් තට්ටයටයි , සිවුරටයි මුවාවෙලා කරන්නෙම බුදුන් වහන්සේ තරයේම ප්‍රතික්ෂේප කරපු දේවල්.

  4. සොදුරු මොහොතක අනගි නිමේෂයක ඔබ වහන්සේ මේ වදාරන්නේ බඩ පුරෝගෙනද දමිතා ඇන්ටිගේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ඇතුලු කලු ලෝගු සුදු ලොගු ඇගලා ගත් අපතයන් හා ඊට පුර්ණ සහයෝගය දෙන ජඩ මාධ්‍යට සාප වෙන්ට ඕනේ පලමුව. දැන් තවත් බයිලා දේශනා කරලා අපේ ඇගේ ලේ ගද ගස්සන්න එපා චිවරයක් දාරාගෙන ඉන්න ඔබ වහන්සේ. කරුණාකරලා යන කලට පින් රැස්කරගන්ට දැන්වත් අපත ගති වලින් දුරු වෙන්ට.

  5. ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න………. මගේ රන් කදට මම ආදරෙයි …….. අනේ චිවරයක් ඇගලා ගත් ඔබවහන්සේ ගීතිකා ගයන්නේ නැතිව ඉන්නවද. ඒක ලස්සනට Mr. Ranjith and others (NGO) ඉන්නවනේ.

  6. JR says:

    නිවනට යන මග මොකක්ද ලොක්කා…?

    • GU-VP PUNCHI AMMA says:

      Irelend ගමේ අප ගු-ලප කුමාර ජනපති කරමු.
      ඔය පුටියට යස පාඩමක් උගනි එක දවසින් රුසියාව ගිනිතියලා

  7. සුබ says:

    ඔබවහන්සේට ගොඩාක් ගරු කරපු පුරවැසියෙක් මා. නමුත් ඔබ වහන්සේ අන්‍යආගමික නිගන්ටයන් සහ පිළිකුල් මාධ්‍ය සමඟ මොකක්ද අපේ රටට කලේ. අපි ගරු කරනවා ඔබවහන්සේ ඇගලාගෙන සිටින උතුම් වු චීවරයට එපමණයි. ඔබ බෞද්ධ පුත්‍රයෙක්ද? මා අදටත් මගේ මවිබිමට ගරු කරනවා හමුදුරුවනේ.

  8. Usha says:

    #####Go Temple Go Go Go Go.###### Don’t tell anyone######

  9. Observer says:

    කහකඩයෝ සහ ලෝගු කාරයන් උන්ගේ uniform ගලවා පාවඩ සේ බිම අතරා දේශපාලකයන්ව සිංහාසනයට වැඩෙම්මුවා.
    අනුන්ට තවත් දේශනා දෙන්න කලින් තමන්ගේ නිරුවත වසාගත යුතුයි.

  10. Distance says:

    This guy is not a monk, an idiot covered in a saffron robe. Get Lost.

Main News