තමන් අසමත් වී ඇති බවට ජනාධිපති පිලිගනී..

January 30, 2018 at 4:40 pm | lanka C news
තමන් අසමත් වී ඇති බවට ජනාධිපති පිලිගනී..

ගතවු වසර තුනක කාලය තුල කටයුතු කිරීමේද තමන් අසමත් වී ඇති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින්ම පිිිළිගෙන ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්ෂය බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළේය.

වසර තුනකට පසුව වංචා දුෂණයට විරුද්ධව සිය කඩුව හසුවරුවන බවට ජනාධිපතිවරයා ප‍්‍රකාශ කිරීමෙන් ඒ මහතා සිය කාර්ය ඉටු කර නොමැති බවට තහවුරු වන බවද ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී මන්තී‍්‍රවරයා මෙසේද පැවසීය,

වර්තමාන ජනාධිපතිවරයා විසින්ම එතුමා අසමත් කියලා එතුමගේ කටින්ම කිව්වා. අවුරුදු තුනක් ගියාට පස්සේ එතුමා අද කියන්නේ කඩුව අරගෙන වංචාවට දුෂණයට විරුද්ධව කටයුතු කරනවා කියලයි. ඒ කියන්නේ මේ වංචා ගැන සොයා බැලූවේ නැහැ කියන කාරණයයි.
රටේ ආර්ථිකය පහුගිය අවුරුදු තුනේ විනාස වුනා කියලා එතුමාම කියනවා එහිදී විධායක ජනාධිපතිවරයා හැටියට අවුරුදු තුනක් නිහඩව ඉදාලා තියනෙවා කියලාත් අසමත් නායකයෙක් කියලා පැහැදිලා වෙනවා. ඒවගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා තියෙනවා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි ජාතික ආණ්ඩුවක් හදන්න ගිවිසුමකට ආවා. ඒත් ඒ ගිවිසම පහුගිය 31 වැනිදායින් අවසන් වුනා. අපි ජනාධිපතිතුමාට අභියෝග කරනවා මේ රටේ ජනතාවට අද හෙටම කියන්න මේ ගිවිසුම නැවත යාවත් කාලීන කරනවා ද නැත්ද කියලා පැහැදිලි කරන්න කියලා.

අද වෙනකොට මොන දේ කිව්වාත් මැතිවරණයෙන් පසුව මේ සම්මුතිය ඉදිරියටත් ගෙනියන්න මේ අය සම්මුතියකට එළැඹිලා තියෙනවා. ශී‍්‍ර ලනිපයට ඡන්දය දුන්නත් එකයි එකසත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නත් එකයි ජනතා විමුක්ති පෙරමුණට දුන්නත් එකයි.

අද ජනාධිපතිතුමා කියනවා ශී‍්‍රලනිපයේ 96 දෙනා උදේට ඇවිල්ලා හිට ගත්තොත් ශී‍්‍රලනිප ආණ්ඩුවක් පිහිටුවනවා කියලා කියනවා. ඒත් එතුමාම තමයි පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබියදී ඒ වගේම ශී‍්‍රලනිපයේ අගමැතිවරයෙක් ඉදිද්දී දීමූ ජයරත්න මහතාව කනෙන් අල්ලා එළියට ඇදලා දැම්මේ.

දෙවැනි අවස්ථවේ මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අගමැතිවරයා විදියට පත්වෙන්න අවස්ථාව තිබියදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා පක්ෂයේ ලේකම්වරුන්ව ඉවත් කරලා දින්ත් අගමැති කම දෙන්නේ නැහැ කියලා රනිල් වික‍්‍රමසිංහ මහතාට අගැමැතිකම දෙනවා කියලා කිව්වා.

එතකොට අපිට කියන්න තියෙන්නේ මෙතුමා දැන දැනම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාස කරන වැඩපිළිවලක හිටියා කියලයි. එත් අද එකපාරටම මේ අයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මතක් වෙලා තියෙනවා. ශී‍්‍රලනිපයට බලය තිබුණ පළාත් පාලන ආයතන විසුරුවා හැරියෙත් මෛතී‍්‍රපාල සිරිසේන මහතාමයි.

පළාත් සභාවල බලය නැතිකරලා එවා එජාපයට දෙන්නත් කටයුතු කළේ මෛතී‍්‍රපාල සිරිසේ මහතාමයි. ඇත්තටම මේවාට ජනතාව හිනා වෙනවා. ඒ නිසා එතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයකට ලක්වෙන එක නවත්වන්න කටයුතු කරමින් ඉන්නවා.

ජනතාව දන්නවා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කි‍්‍රයාත්මක කරන්නේ සිරිකොතේ ප‍්‍රතිපත්ති කියලා. ඒ නිසා මෛතී‍්‍රපාල ජනාධිපතිවරයාට මේ මැතිවරණයට කිලින් කමිටුවක් පත්කරලා කිව්වා අපි මේකට එකතු වෙලා මේ මැතිවරණය කරමු කියලා. ඒත් එතුමා අගමැතිවරයාව ඉවත් කරනවාට කැමති වුනේ නැහැ.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා හොරු රකිනවා කියලා කියන්නේ 2015 ජනාවාරි 8 දිනවා පෙබරවාරි මාසයේදී තමයි මහ බැංකු හොර කම සිද්ධ වෙන්නේ. මහ බැංකු හොරකම ගැන කතා කරලා කෝප කමිටු වාර්තාව පර්ලිමේන්තුවට එන්න කලින් දවසේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

එතුමා දැනන් හිටියා රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා මේ හොරකමට සම්බන්ධයි කියලා. දැන දැනත් දෙවෙනි පාරටත් රනිල් වික‍්‍රමසිංහ මහතාව පත්කරන්න කටයුතු කළා. ඒ වගේම හොර ආරක්ෂා කරගෙන ගියා මේවා රටේ ජනතාව දැනගන්නකොට එතුමා ගැලවීම ස`දහායි මේ කොමිසම පත්කලේ.

එත් අවසානයේ සිද්ධ වෙන්නේ අහින්සක නිලධාරීන් කිිහිප දෙනෙකුට දඩුවම් දීලා දේශපාලඥයින් ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා රටේ ජනතාව තුල මතයක් තියනෙවා. ඒ නිසා හොරුන් රැකපු නායකයෙක් විදිහටයි මෛතී‍්‍රපාල සිරිසේන මහතාව ගම් වල ජනතාව හදුන්වා දෙන්නේ.

ජනාධිපතිවරනයේ ඉදන් අදවෙනකම් එතුමා බොරුකිව්වා කියලයි ජනතාව අද වෙනකොට ප‍්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ තත්තවය තුල ශී‍්‍රලනිපයටත් එකසත් ජාතික පක්ෂයටත් ජය ගන්න හැකියාවක් නැහැ. අද වෙනෙකොට විශාල මට්ටමින් හොරකම් සිද්ධවෙනවා. මේ ගැන කිසිවක් සොයා බලා නැහැ ඒ වගේම මේ ගැන කලකිරිලා උගත් එජාප පාක්ෂිකයින් පවා අපිත් එක්ක එකතු වෙනවා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් මේකෙන් ගැලවෙන්න බැහැ. මම ජනතා විමුක්ති පෙරමුණ එල් ටී ටී ඊ සංවිධානයට සමාන කරලයි දකින්නේ. 88 89 කාලය අමතක කරන්න එපා ඔවුන්ගේ දේශපාලන මතයට ගරු කන්නේ නැති විදුහල්පතිවරුන් රාජ්‍ය සේවකයින් ඝාතනය කළා.

ඒ වගේම මේ අය ග‍්‍රාමීය බැංකු මංකොල්ල කෑවා. රාජ්‍ය දේපල විනාස කරපු කට්ටිය අද මේ අයට එක්තු වෙලා තියෙනවා. පොහොට්ටුව අද ඉතාම පිරිසිදු පක්ෂයක් විදිහට ඉදිරියට ඇවිත් තියෙනවා. ඒ නිසාමයි තැපැල් ඡන්ද වලින් සියයට 90 විතර ප‍්‍රතිශතියක් අපිට ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

3 views

One Comment to “තමන් අසමත් වී ඇති බවට ජනාධිපති පිලිගනී..”

  1. සාධාරණ මිනිසා says:

    තැපැල් චන්දෙ දීපු අය ඇවිත් ඔයාට කිව්වද ?

Main News