තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්..

October 4, 2019 at 1:20 pm | lanka C news
තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්..

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වන්නේ නම් ඊට තමන් කිසිදු සහායක් නොදක්වන බව ද ඔහු ජනාධිපතිවරයා සමඟ සඳහන් කර ඇත.

ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර තිබේ.

ජනාධිපතිවරණයට තරග කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති වෙල්ගම මහතා මහතා එසේ නොහැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා ඇත.

එසේද නොහැකි නම් තමන්ට ශ‍්‍රීලනිපයෙන් අවස්ථාව දුනහොත් ඒ සඳහා තරග කිරීමට තමන් සූදානම් බව ද වෙල්ගම මහතා සඳහන් කර තිබේ.

එම යෝජනා තුනටම එකඟවන්නේ එකඟ නොවන්නේ නම් තමන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කරන බව ද ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ හෙට දිනය තෙක් මෙම අදහස කල් දමන ලෙසයි.

27,053 Viewers

11 Comments to “තමන් ජනාධිපතිවරණයට තරග කරන බව වෙල්ගම ජනාධිපතිට දන්වයි.. ඇප මුදල් බදින්න සූදානම්..”

  1. sinha le says:

    සිංහල චන්ද කඩන්න යන තව වසලයෙක් චන්ද නොදෙන්න

  2. ඇත්ත යථාර්ය says:

    වල්ගමයා සූදනම් වන්නේ තමා විසිිිින් තමාම නැසෙන්න. ‌මේ වගේ වල් හරකෙකුට ලැබෙන චන්ද ගණන බලා ගත හැකි නිසා ඒ ‌මෝඩයාට ඉඩ ‌දෙන එක ‌හොදයි . එවිට තම තත්වය මැන ගත හැකිය. ලබන වර පාර්ලිමේන්තු පැමිණීම ‌බොරැ. ‌ගෙදර තමා යන්න ‌වෙන්නේ්.

    • Rata Wenuwen says:

      වල්ගමයාගේ කුහක මානසිකත්වයේ එක ලක්ශනයකි මෙය, සරල පඹයත් ලබ්බ උඩ දමමින් එයට උල්පන්දම් දෙයි

  3. වල්ගමගෙ හොර ගෑනියෙක් says:

    වල්ගමය ගෝඨාගෙ චන්ද කීයක් හෝ අඩුකරන යූඑන්පී කොන්තරත්තුවක් අරගෙන.

  4. Ranga Bandara gelioya says:

    API OBA THUMA SAMAGAI

  5. ක්‍රිමිනල් says:

    පොහොට්ටුවටයි , යු ඇන් පියටයි ,මොලේ කළදක් හරි තියෙනවනං තමන්ගේ දේශපාලන ගමනට කිසිසේත්ම මෛත්‍රී මහතා ප්‍රමුඛ නිදහස් පක්ශය ඈදා ගන්නෙපා .තනියෙන් තරග කරලා ගන්න පුළුවන් චන්ද ටික මේ රටට බලන්න දෙන්න. අනුන්ගේ පහනෙං ගොඩ ඇවිල්ලා රටට වින කැටපු පුද්ගලයෙක්ට ඇති ජනපදනම මේ රටට බලන්න දෙන්න.

    • Sanjeewa says:

      ක්‍රිමිනල්ගේ අනිත් comment වලට එකඟ නොවුනත් මේ කතාවට නම් 100% එකඟයි

  6. තැටියේ කොත්තු රොටිය says:

    ජාතිය බෙදනා මේ වැනි අමනා යක්‍ෂ
    කුමටද වරම් දෙන්නෙ නැවතත් පක්‍ෂ
    වෙර සිතකින් පැලපදියන් භූගත රුක්‍ෂ
    නිදන් වෙයිද පෙට්ටිය තුල භූතය යක්‍ෂ

  7. desta says:

    me kalakanniyata meena ge chande hambawenawa

  8. parakum says:

    Even SWRD will not vote the SLFP today. CBK and MY3 completely destroyed the SLFP.

  9. nayana says:

    darling dont do this – hearted no good – come we make love

Main News