තමන් ධුරයෙන් ඉවත් වන බව අගමැති භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දෙයි..

April 30, 2022 at 10:02 pm | lanka C news
තමන් ධුරයෙන් ඉවත් වන බව අගමැති භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දෙයි..

තමන් අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව භික්ෂූන් වහන්සේලාට පොරොන්දු වූ බව පූජ්‍ය ඔ්මල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් අගමැතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ උන්වහන්සේ පැවසූහ.

වත්මන් ආණ්ඩුව ගෙදර යෑම සඳහා සිව් නිකායික භික්ෂූන් වහන්සේලා එක් වන බව ද උන්වහන්සේ කියා සිටියහ.

අග‍්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකළහොත් සඟ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලඥයන් ප්‍රතික්ෂේප කරන බවද උන් වහන්සේ පැවසූහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් එහිමියන් මෙම අදහස් පල කරන ලදී.

113,774 views

15 Comments to “තමන් ධුරයෙන් ඉවත් වන බව අගමැති භික්‍ෂූන් වහන්සේලාට දැනුම් දෙයි..”

  1. Ravi DeSilva says:

    After 2 and 1/2 Yrs?

    • eksath says:

      We should not be stupid enough to remove the post of President or even reduce the executi power of the president.True those powers have been abused but the remedy is not to curtail them but to remove the person.When you remove the President post or even remove the powers of the president what happen? The parliament becomes the powerful body.Then what happens at the election? The two big parties, SLFP/ SLPP & UNP /SJB will come neck to neck with almost equal number of seats & then, then TNA becomes the King maker getting all their demands met.Is this what we want? Therefore don’t be stupid.Sajith likes it because he can easily gets TNA votes to make the government giving into their demands.Sajith has already sort of agreed to a federal system.So use your brain just don’t fall to this diaspora/muslim propoganda to remove the executive powers of the president.

  2. ලොකුබණ්ඩාර says:

    ඕක නාට්‍යයක් …ඔය මොකෙක් වත් යන්නෙ නැහැ..අර උද්ඝෝෂකයන්ව ගෝල්ෆෙස් තියාගෙන ඉතිරි කාලයත් ගෙවා ගනී.

  3. Jude perera says:

    Lokkanam dan maru kiyonawa wage penene

  4. අපි බංකොලොත් says:

    ඔව් 2025 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී ධූරයෙන් ඉවත් වීමට අගමැති මහින්ද සූදානම් බව දන්වා ඇත

  5. යකා says:

    ඔය සංග සම්මුති කියන රෙද්දවල් කව්ද බන් ගණන්ගන්නේ පඩේකටවත් ?
    ඊට වඩා මේ රටේ මිනිස්සුන්ට වැදගත් ඒවා තියනවා. මේ යක්කු තාම ජීවත් වෙන්නේ අවුරුදු 1000 කට විතර ඉස්සර කාලේ

  6. Aruna says:

    Saasanaya kana siwru perawapu sookarayek.

  7. saman says:

    දැන් ඉතින් සිවුරු කාරයෝ ටිකට බිස්නස් නැතිවෙන නිසා උන් ඔක්කොම පාරට බහියි උපවාස කරයි. එතකොට මහින්ද මුත්තා කියයි බවුධ්ධ සාසනේ රකින්න ඕනේ නිසා මම අස්වෙන්නේ නැහැ අපේ හාමුදුරුවන්ගේ බලවත් ඉල්ලීම පිට මම බලපෙරෙර්තකම නිසා අස්වෙන්නේ නැහැ කියලා.

  8. ;h says:

    රජ කාලෙත් මේ වගේ හාමුදුරුවරු හිටියනම් රජ්ජුරුවට අන්තඃපුර කෙලි නවත්තන්න කියන්න

  9. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ ඕමල්පේ සාසනය කන්නෙ නැතුව ගෙදර පලයන්. අපේ මහින්ද අස් වෙන්නෙ නෑ

  10. Hiranthe says:

    ගෝටාත් මහින්ද සමගම යන්නේ නැතිව කිසිම හරයක් නෑ. සීනි, සුදු ළූනු වංචා වුනේ ගෝටාගේ අනුදැනුම ඇතිවයි. ඒ අතරම Hotel quarantine , Rapid Antigen කිට්ස්, Vaccines දියර පොහොර , බුරුමෙන් සහල් ආදිය import කරන්න තමන්ගේ ගජ මිතුරන්ට සිත්සේ මහජන මුදල් කෝටි ගනන් ගරාකන්න ඉඩ දීල බලා හිටියා. ලංකා මාතාව මහදවල් මහපාරේ දුෂණය කලත් එකයි දුෂණය කරන්න ඉඩ හදල දීල ස්වයං වින්දනයක් ගත්තත් එකයි. ගෝටාට කියන්න බැහැ මගේ දෑත් පිරිසුදුයි කියලා. ඉතින් ඔය මිනිහා driving seat එකේ තියාගෙන මොන හොඳ ගමනක් වත් යන්න බැහැ. අනෙත් හේතුව මූ තවමත් උපදෙස් ගන්නේ රට විකුණන මිලින්ද මොරගොඩ ගෙන් සහ path finder organisation එකෙන්.

Main News