තමන් රූකඩයෙක් බව ජනාධිපති තමන් විසින්ම ඔප්පු කර පෙන්වුවා..- වෙනස කැන්දූ අනුර කියයි..
July 31, 2017 at 12:00 pm | lanka C news
තමන් මේ රටේ රූකඩ පාලකයෙක් පමණක් බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන ඔප්පු කර අවසන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ජනාධිපති රූකඩයක් යයි කලින් පැවතියේ සැකයක් වුවත් හම්බන්තොට වරාය ගිවිසුම අගමැතිට උවමනා හැටියට අත්සන් කිරීමෙන් තමන් රූකඩයක් පමණක් බව ජනාධිපතිවරයා විසින් ඔප්පු කර අවසන් බවද ඔහු සදහන් කලේ ජන හමුවක් අමතමිනි.
තමන් රූකඩයක්ද නැතොත් මේ රටේ පාලකයාදැයි ජනාධිපතිවරයා විසින් ඔප්පු කල යුතුව ඇතැයිද ඔහු වැඩි දුරටත් පැවසීය.