‘තමුසෙට මමයි කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා..’ දේශබන්දුට ජනාධිපති අණ දෙයි..

May 18, 2022 at 10:02 pm | lanka C news
‘තමුසෙට මමයි කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා..’ දේශබන්දුට ජනාධිපති අණ දෙයි..

ගෝඨාගෝගමට හා මයිනාගෝගමට පහරදීමට එන පිරිස නවත්වන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබුණත් එය ක්‍රියාත්මක කරීම පොලිස්පතිවරයා විසින් වළක්වා ඇති බව හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ගැටුමක් ඇතිවීම වළක්වන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජනපතිවරයා උපදෙස් ලබාදී තිබුණත් අරලිය ගහ මන්දිරයේ සිට පැමිණෙන පිරිසට කදුලු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස පොලිස්පතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී තිබුණ බවද ඔහු පැවැසීය.

පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා,

“හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා ධුරයෙන් ඉවත්වන බව දැන්වලා එතුමට සුබ පතන්න අපිත් ගාල්ලෙන් පිරිසක් රැගෙන ආවා. අරලිය ගහ මන්දිරයට ඒ පිරිස ගියා. මෙතනට ආපු සාතිශය බහුතරයකගේ අභිලාෂය වුණේ දීර්ග කාලයක් මේ රටට සේවය කරපු අග්‍රමාත්‍යවරයාට ගෞරවය දක්වන්නයි.

මේ රැස්වීමේ අපිත් හිටියා. මේ රැස්වීම අවසානයේදී අපි ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මුග්ධ දේශපාලඥවයින් කිහිප දෙනෙක් මෙතනට ආපු ජනතාවට අනියම් බලපෑමක් කළා.

ඒක පිළින්නට අවශ්‍යයි. ඒ බලපෑමට යටත්වෙලා අපු පිරිසෙන් සියයට 10ක් විතර ගෝඨාගෝගමට පහර දෙන්න ඕන කියන මානසිකත්වයෙන් ගාලු පාරේ ගමන් කළා.

මේ අරගලය මාසයක් තිබුණා. ජනපතිතුමාටත් කාටවත් අවශ්‍යතාවක් තිබුණේ නෑ මේකට ගලක්වත් ගහන්න. ඒ පිරිස යනකොට මම අරලිය ගහ මන්දිරයේ සිටියේ ඒ පිරිස යනකොට නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මැතිතුමාට කථා කළා ‘මෙහෙම අවාසනාවන්ත සිදුවිමක් වෙන්න යනවා කරුණාකරලා මේක නවත්වන්න’ කිව්වා.

ඩී.අයි.ජී. තෙන්නකෝන් මහත්තයා මට කිව්වා ‘කිසිම ගැටලුවක් නෑ සර් සියලුම රෝඩ් බ්ලොක් දාලා තියෙන්නෙ මේක අපි නවත්වනවා’ කියලා. ඒ කෝල් එක දීලා මම ජනපති මන්දිරයට ගියා ජනපතිතුමා සමග රැස්වීමකට. ජනාධිපති මන්දිරයේ මම ඉන්නකොට මට කථා කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ. මට කිව්වා ‘ලොකු ගැටලුවක් වෙන්න යනවා ඇමතිතුමා වහාම ජනාධිපතිතුමාට කියන්න මේක නවත්වන්නෙයි’ කියලා.

එතකොට මම ජනාධිපතිතුමාට කිව්වා ‘විශාල ගැටලුවක් සර් මෙතන ලොකු අර්බුදයක් වෙන්න යනවා වහාම මැදිහත්වෙලා නවත්වන්න’ කියලා. එතකොට ඇමතිවරු කිහිප දෙනෙක් හිටියා ජනාධිපතිතුමා දුරකතන ඇමතුමක් ගත්තා ‘මම උදේ කිව්වා නේද මේක නවත්වන්න කියලා. මොකක්ද මේ වෙන්නේ’ කියලා ඇහුවා.

එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා.

ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් නැවතුණේ.

අනුර කුමාර දිසානායක මහතා කරපු කථාව ඇත්ත මේ ප්‍රහාරය නවත්වන එපා කියලා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එකත් තමයි සත්‍ය කාරණය.

– ADA

125,163 views

10 Comments to “‘තමුසෙට මමයි කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා..’ දේශබන්දුට ජනාධිපති අණ දෙයි..”

  1. අවලස්සන කවුද? says:

    මැයි 09 අරලිය ප්‍රහාරය වළක්වන්න එපා කියපු ආරක්ෂක ලොක්කන් දෙදෙනා 83 ජූලි උතූරේ හමුදාවේ 13ක් ඝාතනය කළා සේ වරදක් කළා සේ පෙනේ….!

  2. john the Baptice says:

    ඇයි එතකොට මයිනා කිවේ මම අස්වෙන්නේ නැහැ කියා.

  3. නිමල් says:

    මේකෙන් තේරෙන්නේ ජනදිපති කියනදේට වඩා මහින්දයා තමා තීරන ගත්තේ . සක්කිලියා රටේ සල්ලි කාලා තව සාටකය පොරොවාගෙන ලැජ්ජා නැතිව එනවා

  4. Mahesh says:

    මෙහි නොකී කතාව නම් මයිනා හා කපුටා ඉතා සැලසුම් සහගතව මෙම පාහාර වැඩේ කර ඇති බවත් මයිනා පොලිස්පතිව පාලනය කරන බවත්ය.

  5. Lalla says:

    ඉතින් ඇයි මේ වගකිවයුත්තෝ දෙන්න තාම අත්අඩංගුවට නොගෙන ඉන්නේ.කතාව ඇත්ත නම් අදාල ඇමතිත් අත්අඩංගුවට ගන්න ඕන නේද?

  6. Naughty American says:

    කෝ කෝ අර මහින්ද මහත්තයට පණ වුනත් දෙන්න හදන නාකි වහල්ලු ටික??? (රජපක්ශලට බනින පමණින් ඌ ජෙප්පෙක් වෙන්නෙ නෑ.. වහල් පාක්ශික බවෙන් මිදෙන්න දැන්වත්… ඉස්සර වගේ මහින්දට බැන්නම ටොයිය ටොයිය කියන්නයි රනිල්ට බැනනම බයිය බයිය කියන්නයි හදන්නෙ සුපිරි දේශපාලන වහල්ලු.. දේශපාලකයෙක්ගෙ කල්ක්‍රියාව , ප්‍රතිපත්ති, විශ්වාසනීයත්වය වගේ දේවල් බලල චන්දෙ දෙන වෙලාවට ගැලපෙන කෙනෙක්ට චන්දෙ දෙන කෙනෙක් වෙන්න… ඔය ගොබ්බ නාකින්ගෙ නැත්තෙම ඒකයි.. එක්කො 1900 බර ගනන් වල ඉදන් UNP එකට දෙන්නෙ නැත්තන් නිදහස් පක්ශෙට නැත්තන් JVP එකට වගේ හැසිරෙන්න එපා.. divide and conquer කියන උගුලට හසු වෙන්න එපා)

  7. sapumal says:

    මෙතෙත් සිදුවීීම කෙටියෙන්,

    1. රටේ ජනාධිපති ගෝඨා උනත් රට මෙහෙයවා ඇත්තේ වෙනත් පාර්ශවයක් බව.

    2.ගෝඨා නිකම්ම නිකං පඹයෙක් කර ඇති බව.

  8. බලලා says:

    දුලීකා මාරපන, ලාල්කාන්ත වහා අත් අඩංගුවට ගෙන විස්තර හොයාගන්න. උන් රටේ භීෂනයට වගකිව යුතුයි.

  9. R. Prema says:

    දැන් වත් කොරන්න බැරි දේවල් නොකර පොල්ස්පත්ටම ඕක බාරදීලා ගියානම් හොඳයි නේද, දැන්වත් තමුන්ගේ නොහැකියාව තේරුම් අරගෙන යන්න තවත් රට කන්නේ නැතිව