‘තමුසෙ හොරෙක්’.. ‘තමුසෙ පල් හොරෙක්’.. කැබිනෙට්ටුවේ සහජීවන ගාලගොට්ටි..

October 22, 2016 at 10:40 am | lanka C news
‘තමුසෙ හොරෙක්’.. ‘තමුසෙ පල් හොරෙක්’.. කැබිනෙට්ටුවේ සහජීවන ගාලගොට්ටි..

ආන්ඩුවේ කැබිනට් ඇමතිවරුන් දෙදෙනකු වන රවුෆ් හකීම් හා රිසාඞ් බදියුදීන් පසුගිය කැබිනට් මණ්ඩලයේදී එකිනෙකාට චෝදනා කර ගැනීම නිසා කැබිනට් මණ්ඩල හමුව දැඩි ලෙස උණුසුම් වී ඇත.

ටෙන්ඩර් මගඩි, කොමිස් ගැසීම්, වංචා දුසණ සම්බන්දයෙන් ඔවුන් දෙදෙනා එකිනෙකාට උස් හඩින් චෝදනා කරගෙන ඇත්තේ කැබිනට් මණ්ඩලයම බලා සිටියදීය.

එක් ඇමතිවරයෙක් අනෙකාට ‘තමුසෙ හොරක්’ යයි කියද්දී ‘තමුසෙ පල් හොරෙක්’ යයි අනෙකා කියා ඇත.

අවසානයේ දුරදිග ගිය මෙම උණුසුම් වාදය නවතා ඇත්තේ ජනාධිපතිවරයා කිහිප වරක්ම නවත්නන්නැයි කායි සිටි පසුය.

33 views
Main News