තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝටාභය හෙලි කරයි..

October 14, 2019 at 6:29 am | lanka C news
තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝටාභය හෙලි කරයි..

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මහර, කඩවත පැවැති ජන රැළියේදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා

ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ සමස්ත සමාජය තුළින් මතුවුනු ස්වභාවික මහජන යෝජනාවට ගරු කරමින් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස මා තෝරා පත් කර ගත්තා. ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප‍්‍රමුඛ එ්කාබද්ධ විපක්ෂය ”පොහොට්ටුව” ලකුණ යටතේ මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින්නේ සහෝදර පක්ෂ රැුසක සහ ස්වදේශිකවාදී බහුජන සංවිධාන රැසක එකතුවකින් සැදුම්ලත් ඉතිහාසයේ පුළුල්ම දේශපාලන පෙරමුණ ලෙසයි.

ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ මෙරට අති බහුතර ජනතාව මා කෙරෙහි තබා ඇති විශ්වාසය අනුව අපේ උරුමයන් රැුකගෙන සියළු පුරවැසියන්ට සමඟියෙන් ජීවත් විය හැකි, ආර්ථික සෞභාග්‍ය පිරි සුරක්ෂිත අළුත් රටක් නිර්මාණය කිරීමේ ජාතික අභිලාෂය ඉටු කිරීමේ වගකීම මම අධිෂ්ඨානයෙන් යුතුව භාරගන්නවා.

ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම අපේ ප‍්‍රධාන අරමුණක්. අපි ආදර්ශමත් විය යුතුයි. අද තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. යහපත් කළ යුතුයි. අපිට ආවේගශිලීව හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හෝ ක‍්‍රියාකරන්න්ට බෑ. ආවේගශීලිව විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැති බව අවධාරණය කල යුතුයි.

අපිත් සමඟ එක්වී සිටින සෑම පක්ෂයක්ම අපට එක්වෙලා තියෙන්නේ අපේ ප‍්‍රතිපත්ති නිසයි. අද ආරුමුගන් තොන්ඩමන් මහතාගේ නායකත්වයෙන් යුත් ලංකා කොංග‍්‍රසයත් අපිට සහාය දෙන්න තීරණය කරලා. නොවිසදුනු ප‍්‍රශ්නවලට විසදුම් අපි සැලසුම් කරපු නිසයි ඔවුන් අපිට එකතු වෙන්නේ. අපිට පැහැදිලි ජනතා හිතවාදී දර්ශනයක් සහ ජනතාව නගා සිටුවීමේ සැලැස්මක් අපිට තියන නිසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට විශාල ශක්තියක්. 60% සිට 72% දක්වා අපේ බලය වැඩි කර ගන්නට ඔවුන් නිසා අපට හැකි වනවා. අපි ඔවුන්ව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය ඒස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාත් ඞී. ඒ.රාජපක්ෂ මහතාත් ආරම්භ කල පක්ෂයයි. 1956 දී ජනතා විප්ලවය කල පක්ෂය. අපි අපි භුක්ති විදින ජනතා හිතවාදී ප‍්‍රතිපත්ති විශාල ප‍්‍රමාණයක් රටට හදුන්වාදුන් පක්ෂයයි. මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් මේ රටේ ජනාධිපති වුනු පක්ෂයයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ප‍්‍රමුඛත්වය දෙනවා.

රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.එ් හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා. බුද්ධි අංශ වලට නිසියාකාරව ක‍්‍රියා කිරීමට බලතල සහ නීතිමය ආරක්ෂාව ලබා දෙනවා.

නව ලිබරල්වාදීන්ගෙන් පිරුණු ඇමති මණ්ඩලයක් තිබෙන විජාතික අරමුණු ඉටුකරන රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ජාතික ආරක්ෂාව තරකරන්නටත් ජාතිකත්වයට ගරු කරන්නටවත් බෑ, මහර ඔබ බුද්ධිමත් ජනතාවක්. ඔබ දන්නවා විසි ඒක්වෙනි ශතවර්ෂය කියන්නේ ඥානය මුල් වූ ශතවර්ෂයක්. අපේ ආර්ථික සැලැස්ම පදනම් වී ඇත්තේ දැනුම මූලික වූ ආර්ථිකයක්. අපි සෑම විටම මිනස් සම්පත කෙරෙහි විශ්වාසය තබනවා. එ් මතයි අපේ සැලසුම් පදනම් වෙලා තියෙන්නේ.

තොරතුරු තාක්ෂණය හා පරිඝනක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොද වේතනයක් ලැබෙන රැකියා විශාල ප‍්‍රමාණයක් නිපදන්නටත් පුළුවන්.අපි රජයක් ලෙස මීට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිමටත් සහ විවිධ බාධක ඉවත්කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය අපි ලබා දෙනවා.

ඒ වගේම ඊට අවශ්‍ය නිපුනතාවයක් තිබෙන මිනිස් සම්පත් ලබා දීම රජයේ වගකීමක්. එ් සදහා අපේ අධ්‍යාපනය සකස් කළ ගත යුතුයි. මගේ පළමු වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. අද තරුණ තරුණියන්් මේ අධ්‍යාපනයේ වරදින් අතරමං වෙලා. සෑම වසරකම උසස් පෙලට ඉදිරිපත් වෙන අයගෙන් ලක්්ෂ දෙකක් විතර විශ්ව විද්‍යාලයට සමත් වුවත් 35000යි විශ්ව විද්‍යාලයට යන්නේ. උසස් පෙල සමත් සියලූම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා. තාක්ෂන’ක විද්‍යාල හරහා රැකියාවලට සුදුසු, ආර්ථිකයට සුදුසු රැුකියා සදහා, හොද වේතනයක් සහිත රැුකියවන් ලබා දෙන්න අපි පියවර ගන්නවා. තරුණයින්ට අතරමං වෙන්න අපි ඉඩ තියන්නේනැහැ. තාක්ෂණවය මුල් වූ ආර්ථීකයක් හරහා රට ඉදිරියට ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. පරිගනක ක්සේත‍්‍රයේ සමාගම් ඩොලර් බිලයනයක් පමණ මෙරටට ගේනවා. මෙය ඩොලර් බිලියන 3ක් පමණ කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් නිපුණත්වය සහිත පිරිස් නැතිකම ඊට බාධාවක්. අපි එ් සදහා මැදිහත්ව තරුණ තරුණියන්ට අවශ්‍ය නිපුණත්වය ලබා දෙනවා.

එ් වගේම රටේ සුරක්ෂීතභාවය නැති වීම නිසා සංචාරක ක්ෂේත‍්‍රය කඩා වැටිලා. අපි මේ රට සංචාරකයින්ට සුදුසු රටක් බවට පත් කරනවා. කෘෂිකර්මාන්තය මේ රජය අමතක කරලා. අපේ ඉතිහාසය සංස්කෘතිය දෙස බැලූවාම හොද වාරිමාර්ග පද්ධතියක් අපිට තිබුණා. මේවා අද විනාශ වෙලා. අපේ දුප්පත් ගොවියා ජිවත් කරවීමට අවශ්‍ය පියවර ගැනීමේ අවශ්‍යතායක් තිබෙනවා. රට ස්වයංපෝෂිත කිරීමටත් ගොවියා ජිවත් කරවිමටත් අවශ්‍ය පියවර ගන්න අපි සූදානම්. තවමත් අපේ රටේ දිලිදු ජනතාව සිටිනවා. රටක් සංවර්ධනය වෙන්වා කියන්නේ සමාජයේ එක කොටසක් සංවර්ධනය විම නෙවෙයි. රටේ කිසියම් කොටසක් දුප්පත් නම් සැබෑ සංවර්ධනයක් වෙලා නැහැ. අපි සියලූ දෙනා දිලිදු බවින් මුදා ගැනීමට ජනතා හිතවාදි ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි.

ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම ඔබ වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බැදී සිටිනවා.

– GR midea

125,395 Viewers

21 Comments to “තම ඇමති මණ්ඩලයට නොගන්නා පුද්ගලයන් ගෝටාභය හෙලි කරයි..”

  1. kamal says:

    සින්හල ලොකෙ රැක ගත හැකි ලව්කික සම්මාදිට්ටිය තියෙන කපටි නැති මිනිසුන් ගන්න

    • පුතානෝ says:

      බැල්කනිවලින් රිංගන්න ගිහින් කකුල් කඩාගත්ත අය ගන්නවද

  2. MD says:

    Garu Gotabaya matitumani api obawa jayagrahanaya kara awasan.namuth kumantrana ganath Arakshawa ganath obatuma hoda kalpanawen sitiya uthu wenawa.Jayawewa!

  3. ක්‍රිමිනල් says:

    ඔය කියන විදියට , වටේ ඉන්න එකෙක්වත් මැති /ඇමතිකමට නෙමේ , සිකුරුටී කමටටවත් ගන්න බෑ !

    • Bitter Truth says:

      සුවර් එකටම බැරිද? උස අය ටික වත් ගමු නේ සිකුරිටි? මිටි නම් ඕං, කම්කරු දෙන්න කියමු.

    • Hoo !!! says:

      බොල ක්‍රිමිනල් ජෙප්පො තෝ ඔය උපදෙස් ගිහිං දීපිය පුංචම්මා එක්ක ලගින ලප කොටාට.

  4. මහ හොරා says:

    මෝඩ පුතාගෙ කථා කිසිම හරයක් නැහැ. බර වචන ටිකක් විතරයි. ආදර්ශමත්ව වැදගත් විදියට කථාවක් කරන ආකාරය සහ එහි ගැඹුරු අන්තර්ගතයක් ඇති බව ගෝඨාගේ කථාවලින් පිළිඹිඹුවෙනව.

    • kawinda says:

      moda puthage ” bara wachana ” kiyala obq kiyanne “Shift” kramayata janaadhioath lekam kaaryaalaya open karala thiyenawa kiuwa ekada..? ha..ha..ha..

    • පුතානෝ says:

      මෝඩ හරකෙක් වගේ තමා කටින් පිටවෙන වචන වලින් බැලුවම.ආර්‍යාව ඉස්සරහට දාගෙන චන්ද කීයක් කඩාගත්තද.හැබැයි ගෝට කියවන්නෙ ලියල දුන්න කොලයක්..ඒක කෙසේ වෙතත් ඌට දෙයක් කරන්න පුලුවන් සැර පරුෂ බව තියෙනව.ප්‍රශ්නෙ ඌ දින්නට පස්සෙ මහින්ද ඌට කරන්න දෙයිද දන්නෑ ඌට ඕන විදියට

  5. kanishka Tissa says:

    Well said Mr. Gotabhaya! You should never take the Neo-Liberal traitors of Hu N P who are prepared to sell our motherland to the Neo-Colonial West. The Yahapalana government is run by NGO Kakkas who are doing the job given to them by their masters, Neo-Colonial West.

  6. kamal says:

    ලංකාව බේරා ගත්ත මම කැමති හය දෙනෙක් ඉන්නවා
    ඒ තමයි ගෝටා හා නිමල් සිරිපාල සිල්වා තවත් යුගලයක් ඉන්නවා ඒ තමයි විමල් හා ගම්මන්පිල තවත් යුලයක් ඉන්නවා ගෝටා සහ කමල් තවත් යුගලයක් ඉන්නවා ඒ තමයි මහින්ද හා මෛත්‍රිපාල මිට කිරිබත්ගොඩ ඤණානන්ද හිමි හා කමල් ඒ තමයි මනුස්‍යත්වයේ යුගලය ලංකාව බේරාගත්ත.

  7. Daham says:

    Where is the promised list of ” Amathi mandalaya”.

  8. D.Nimal says:

    UNP has lost that rational policies as well as rational democracy since 2015 Jan 8th.
    The orthodox political classes of UNP cannot be revive by even Saijith R…. been as candidature of Presidential Elections …2020 .
    We are not looking for age of young NOT that we wanted political matured person who can handle most complexes issues of Island Republic has been challenges in 21st century?

  9. D.Nimal says:

    UNP has lost that rational policies as well as rational democracy since 2015 Jan 8th.
    The orthodox political classes of UNP cannot be revive by even Saijith R…. been as candidature of Presidential Elections …2020 .
    We are not looking for age of young NOT that we wanted political matured person who can handle most complexes issues of Island Republic has been challenges in 21st century? Among in list of 35 that Gorabaya R…is best out of other; not that Sajith is doing childless mentalities of lowest level of politics.
    Therefor under Wickrasinghe of R clan that UNP cannot produce more than that >
    Nevertheless to say Sajith is products of that political of UNP bandwagon of that 25 years by leadership of Ranil W…clan of feudal order of colonial that norms of Neoliberalism.

  10. සම්පුර්ණයෙන් ම රනිල් වික්‍රමසිංහ ගේ දැක්ම කොපි කරලා . උබට උබේම කියලා දැක්මක් නෑ . මෝඩයා

    • අනුන්ට මෝඩය කියන මේ මෝඩයට අමතක වෙලා රනිල් වික්‍රමසිංහ ගේ දැක්ම බේස්ලට් සහ ජිම් කට්ටළ ගමක් ගානෙ බෙදන එක කියල.

    • CHAMINDA - SADA STF says:

      DOOOR MIA BAAAL…..

  11. HENA says:

    wate inna horu rela, mala horu.. kudu dealers la…. eheta meheta panina ( sb) rilaw… walaththayo… ekek watgh nethi.. 20 ta adu ratata bara nethi… cabinet ekak dapiyaw..

    chandeta kalin kiyana de..karala penna piyaw

  12. sathya says:

    Yes, please. Dont take any good people to your Cabinet.
    Take only ministers similar to you. (Like Smugglers, Jugglers, Murderers, Thieves, etc)

  13. saman says:

    If so why do not you reveal your cabinet?

Main News