තම නිවස හදන්න ඇමතිවරයෙක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරයි…

June 25, 2022 at 2:10 pm | lanka C news
තම නිවස හදන්න ඇමතිවරයෙක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරයි…

ඉකුත් මැයි 09 වැනිදා රට පුරා ඇති වූ කලහකාරී සිදුවීම්වලදී තම නිවාස ඇතුලු දේපල විනාශ වූ ප්‍රබල අමාත්‍යවරයකු ඒවා නැවත ඉදිකිරීම සඳහා සමාගම වලින් මුදල් රැස් කරමින් සිටින බව වාර්තා වෙයි.

අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශයට සම්බන්ධ සැපයුම් සමාගම්වලින් මෙසේ ලක්ෂ ගණනින් මුදල් එකතු කරන බවද ඖෂධ සමාගම් කිහිපයක් ද මේ අතර ඇති බවත් සඳහන්ය.

මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු අමාත්‍ය පුත්‍රයකු මෙන්ම අමාත්‍යවරයාගේ ව්‍යාපාරික ලේකම් ලෙස කටයුතු කළ අයෙකු ද සිදු කරමින් ඇතැයිද පැවසේ.

34,248 views

7 Comments to “තම නිවස හදන්න ඇමතිවරයෙක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරයි…”

  1. SANA says:

    Why don’t ask from JVP parry savings

    as they are responsible

    • Amdan says:

      කෙහෙලිය පොරකාල සවුඛ්‍ය ඇමතිකම ගද්දි දන්නවා මූ පට්ට හොරා කියල .නාකි මයින තමා ජනාධිපතිට දැඩිව බලපෑම් කලේ මේ හොරාට ඔය ඇමතිකම දෙන්ඩ කියල .ලස්සනට ගාන ගිණුමට වැටෙන බව මයින දන්නව .

  2. රංජිත් says:

    ඔස්ට්‍රේලියාව පැත්තෙන් සදලුතලයක් කඩාගෙන “දඩාස්” ගාන සද්දයක් එනවා

  3. Deshappaaluwo says:

    Offering or Accepting money from public/companies are considered as bribes and action should be instituted in terms Bribery and Corruption act.

  4. රැවුලයි කැදයි දෙකම ඇත තක්කඩි මූකේ
    උදේට දැක්කොතින් කැද නැත ලැබෙන්නේ
    අසනීපෙට තමයි ඉස්සර ලොක්ක උනේ
    තැන්පතු ධනය ඇත කැටවල නිලියන්නේ

  5. සවි කාල says:

    ඇමති ගේ නම දාන්න බැරි නම් මේ නිවුස් දාන්න එපා. මාතෘකාවෙම ඇමතිගේ නම දාන්න බය නම් නොදා හිටපං.

  6. සෙරෙප්පු සුප්. says:

    මේකෙ එච්චර වැරැද්දක් දකින්න නැහැ.මේ ඉල්ලල තියෙන්නෙ ටෙන්ඩරේ අනුමත කරන්න සාමාන්‍යයෙන් ඉල්ලන %10 විතරයි.දැන් ඒක නීතියක් නොවන නීතියක්.මේ වගේ සොච්චමක්වත් නැති උනොත් චප්ප වෙන්න ගහල බැල්කනියෙන් පැනල කකුල් කඩාගෙන ඉස්පිරිතාලෙ ලගින එක සැපයි.කකුළුව ඇදේට ගිහින් උගෙ පුතාට කෙලින් යන්න කිව්වට වැඩකුත් නැහැ.ඒකනෙ කකුළුවගෙ පුතත් චප්ප වෙන්න ගහල අඩි 35000 ක් උඩින් යන ප්ලේන් එකේ දොර ඇරල පනින්න ගියේ.එහෙම පැන්න නම් තාමත් පාවෙනා නිල් වලාවේ තමයි.

Main News