තම පළාතේ බහුතරය නැති වූ දුමින්දට දෙකෙන් බෙදාගන්නත් බැරිවෙයි.. උතුරුමැදත් එජාපය සමග ජාතික ආණ්ඩුවක් හදන බව කියයි..
May 14, 2017 at 12:19 am | lanka C news
යම් හෙයකින් උතුරු මැද පළාත් සභාවේ සන්ධානයට හිමි බහුතර බලය අහිමි වුවහොත් පාර්ලිමේන්තුවේ ආකාරයේ එජාපය සමග හවුල් වී බලය පිහිටුවන බව ශ්රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක පවසයි.
ඒකාබද්ද විපක්ෂය විසින් මන්ත්රී ආසන 17කට වඩා වැඩි ප්රමාණයක් සහිතව විකල්ප බල හුවමාරුවක් ඉල්ලා සිටීම ගැන ප්රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් උතුරු මැද පළාත් සභාවේ මන්ත්රී ධුර ඇත්තේ 33කි. ඉන් 17ක් ඒකාබද්ද විපක්ෂය සමග එක් වූ විට ඉතිරි සියල්ලම එක් වුවද එය සුළුතරය බව ඉතා පැහැදිලිය. ජවිපෙ එක් මන්ත්රී ධුරයක්ද එහි වෙයි. ඒ අනුව ඇමතිවරයා කියා සිටින්නේ සුළුතර බලයක් ඇති ජාතික ආණ්ඩුවක් උතුරු මැද පිහිටුවන බව විය යුතුය.