‘තම මව්රට පහළට ඇද දමන මිනිසුන් ඉන්නේ ලංකාවේ පමණයි..’ ලොව සුපතල සන්නාමය ගොඩනැගූ ලාංකිකයා කියයි…
February 18, 2021 at 12:02 am | lanka C news
පිටරැටියන් සමග එක්වී තම මව්රට පහළට දමන මිනිසුන් සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බවත් රට දියුණු කිරීමට නම් රට ගැන හැඟීමක් හෝඩියේ පන්තියේ සිටම දරුවන්ට ලබාදිය යුතු බවත් ලොව සුපතල Dilmah සන්නාමයේ නිර්මාතෘ කීර්තිමත් ව්‍යවසායක මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.
එසේම, වියට්නාමය, සිංගප්පූරුව වැනි රටවල් සමග සැසඳීමේදී අද ශ්‍රී ලංකාව සිටින තැන පිළිබඳව තමන් අතිශය කණගාටුවට පත්වන බවත් වහාම මෙරට දේශපාලනය සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් ඔහු කියා සිටී.
ඔහු මෙම අදහස් පළකර තිබෙන්නේ YouTube නාලිකාවට අදහස් දක්වමිනි.
“ලංකාව දියුණු කරන්න මාර්ග කිහිපයක් තිබෙනවා. අපිට උගන්නලා නෑ අපේ රටට ආදරේ කරන්න. අපේ රටේ මිනිස්සු විතරයි, පිටරට මිනිස්සු එක්ක වාඩිවෙලා අපේ රට නාස්ති කරන්නේ. ඉන්දියාවේ මිනිස්සු රටට ආදරෙයි. ඒක නිසා, රට දියුණු කිරීම පටන් ගන්න ඕන ඉස්කෝලේ හෝඩියෙන්.
අපේ රට කියල වැඩසටහනක් තියෙන්න ඕන. මම මුළු ලෝකෙ වටේම යනවා. මේ වගේ ලස්සන රටක් ලෝකෙ කොහේවත් දැකලා නෑ. අපිට හැමදේම තියනවා. ඒත් දේශපාලනයට වැඩපිළිවෙලක් අවශ්‍යයයි.“ යනුවෙන් ඔහු වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
ලෝකයේ අතලොස්සක් වූ දියුණු ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාර අතරට හෙලයනුත් අයත් වෙනවා. බටහිර ජාතීන් නොදියුණු යුගයක අපේ මුතුන් මිත්තන්ට ඉතා දියුණු වූ සංස්කෘතියක්, හෙළ වෙදකමක්, දියුණු ගොවිතැනක්, ඉන්ජනේරු තාක්ෂණයක්, ලේඛන ශාස්ත්‍රයක්, ගණිත දැනුමක් හා අධ්‍යාත්මික ශක්තියක් තිබූ බව ඕනෑවටත් වඩා සාක්ෂි වර්තමානයේත් පවතී. බොහොමයක් ඒවා අදටත් බටහිර විද්‍යාවට පවා විස්තර කල නොහැකි දේවල්ය. එහෙත් අප වර්තමානයේ හිස් ජාතියක් වී ඇත්තේ ඇයි ????
අපේ දියුණු මුතුන්මිත්තන්ගේ දැනුම සමග අලුත් දේ එකතු කරගෙන පැමිනියේනම් අද අප ජාතිය ලෝකයේ සිටිය යුතු තැන කොතැන විය හැකිද ???. එහෙම නොවී, අඩුම ගනනේ සාමාන්‍ය ජාතියක් ලෙසවත් ලෝකයේ අප නැත. ලෝකයට ණය වෙමින්, බටහිර වස විස අහාර, කෘෂි නාශක තුලින් තමන්වත්, අනාගතයේ උපදින දරුවනුත් විනාශ කරමින් සිටී. රටටවත් තමන්ටවත් සේවයක් කිරීමට නොව රටේ බහුතරයකට සිදුවී ඇත්තේ චැනෙල් පෝලිම් වල රෝහල් වල සිටිමින් ප්‍රතිකාර ගැනීමත්, දිනපතා පෙති කරල් මත ජිවත් විමටත්ය. පව්ලක වැඩි මුදලක් යොදවන්න වී ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර සදහාය.
ස්භාවික සම්පත් ඉහල අප රට පුංචි දේ පවා පිට රටින් ගෙන්වා ගනී. පැන්සල් සෙල්ලම් බඩු වල සිට අහාර, ගෘහ උපකරණ, ඇදුම් පැළදුම්, බෙහෙත්, මේ බොහොමයක් දේ අපි පිටරටින් ගෙන එයි. ඉතා බාල වර්ගයේ ඉක්මනින් හානි වන දේවල් වගේම රටට අනවශ්‍ය දේ පවා පිටරටින් ගෙන්වයි. මෙමගින් අතලොස්සක් වූ ව්‍යාපාරිකයන්ගේ සාක්කුව පිරුණත්, දේශීය නිෂ්පාදකයන් වලපල්ලට යයි, රටේ මුදල් ක්ෂය වේ. අතීත තාක්ෂණික දැනුම තවමත් යම් තරමකින් හෝ පවත්වාගෙන යන උතුම් මිනිසුන් මෙන්ම, රට ගැන හිතන දේශ හිතෛෂී මිනිසුන්, පරිසරයට ආදරය කරන ඒවා ආරක්ෂා කරන මිනිසුන්, නව නිපැයුම් කරුවන්, අද්යත්මිකව දියුණු වුවන්, වික්‍රමයන් කරන හෙළ වෛද්‍ය වරුන් තවමත් මේ බුමියේ ඕන තරම් ඇත. එහෙත් ඔවුනට හඩක් නැත්තේ ඉහල පුටුවල සිටින විදේශයන්ට ආවඩන චින්තනයක් සහිත පිරිස් සහ ඔවුනගේ ප්‍රතිපත්ති නිසාය. එසේම මිනිසුන් දේශපාලන පක්ෂවලට බෙදී ඇනකොටා ගැනීමද මුලිකම හේතුවකි.
මොවුන්ගේ ඉඩම් රජයට පවරා ගතයුතුයි. අපි පරම්පරාවම කඹුරපු බන්ඩාරනායක හාමුලා නම් කලේ එහෙමයි. අපි රාජපක්ෂ හාමුලාගෙනුත් බලාපොරොත්තු වෙන්නෙ ඒකයි
මේ රටේ හිටපු කාලකන්නි ජනාධිපතිවරයෙක් ඉතිහාසය කන්නද? සාහිත්‍ය කන්නද? ආදි දේශද්‍රෝහි ප්‍රකාශ කරමින් පාසැල් විෂය නිර්දේශයෙන් සාහිත්‍යය සහ ඉතිහාසය ඉවත් කලා. එහි ප්‍රතිඵල තමයි කිසිම රසවින්දනයක් නැති, රටට ආදරයක් නැති පිටරට ආවඩන ඕනෑම රටකට කුලියට වැඩකරන්න සූදානම් දේශද්‍රෝහින් බිහිවීම.