තරග කර දිනන එක ෂුවර් නෑ.. ස.ජ.බ. ජාතික ලයිස්තුවට පනින්න මාරක සටනක්..

March 5, 2020 at 11:20 am | lanka C news
තරග කර දිනන එක ෂුවර් නෑ.. ස.ජ.බ. ජාතික ලයිස්තුවට පනින්න මාරක සටනක්..

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කර ඇති ‘සමගි ජන බලවේගය’ පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට එහි ඉහල මට්ටමේ බොහෝ පිරිසක් උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප‍්‍රනාන්දු, එරාන් වික්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් ජාතික ලැයිස්තුව ඇතුළු වීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

ඊට හේතුව ලෙස දන්වා ඇත්තේ මැතිවරණ මෙහෙයුමේ භාරදූර කාර්යයන් සඳහා තමනට මැදිහත්වීමේදී තම ආසනවල ප්‍රචාරක ව්‍යාපෘතිය හරිහැටි කරගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවයි.

නමුත් පක්‍ෂයේ පිරිස් විසින් ඔවුනට පවසා ඇත්තේ තරඟ කර ජය ගැනීමට නොහැකි අවදානමක් ඇති පිරිස මෙසේ ජාතික ඇත්තට පැනීමට උත්සාහ කරන බවයි.

ජ්‍යෙෂ්ඨයන් හැකිතාක් මැතිවරණයට තරග කර අත්‍යවශ්‍ය අය පමණක් ජාතික ලැයිස්තුවට ඇතුළු කළ යුතු බව එහි බොහෝ පිරිසකගේ මතය වී ඇත.

215 views

11 Comments to “තරග කර දිනන එක ෂුවර් නෑ.. ස.ජ.බ. ජාතික ලයිස්තුවට පනින්න මාරක සටනක්..”

  1. බන්ඩා says:

    කුමන පක්ෂකින් උවත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යැවිය යුත්තේ තරඟ කර යා නොහැකි නමුත් හඬක් නැගීමට ඉඩක් දිය යුතු කන්ඩායම් වලටය්. පරදින උන්ට නෙවෙය්.

    • 🤣🤣🤣😄😄😄 says:

      උස මිටි කියා ජාතිය හෑල්ලු කරවලා
      කටින්ම බතල හිටවල රටම නටවලා
      වැඩ බැරි මිට්ටෝ ලැයිස්තුව පුරවලා
      උස මැට්ටෝ පක්‍ෂය අසමඟි කරවලා

    • Chinthana says:

      No no no. This national list should be considered and consists of those people who has intelligent Educated and efficient and honest people only. But unfortunately our politicians are misusing and selecting those habitual people.

  2. ajith says:

    This has been formed to show Sajith’s janatha balaya

  3. kawinda says:

    onan den thamai GOTAAAA – BHAYA munta ethiwelaa thiyenne. mun okkoma defeaters.

  4. Rishan says:

    හි.ජ. කු.පා.ම තුමාවත් ස.ජ.බ එකට තල්ලු කරලා අපේ ඝෝඪාබය ජනපතිතුමාට රට හදන්න සහයෝගයක් දිය හැකි කෙනෙක් එම තනතුරට පත් කර ගමු.

    • Amal says:

      මේ කොමෙන්ට් එක කාටද බං තේරෙන්නේ

      • Eiffel says:

        හිටපු ජනාධිපති, කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී..

        අලුත් එක තමා හිජකුදිපාමඅමා

      • Dubba says:

        ඒක එයාටයි වයිෆ්ටයි දාපු එකක්.

  5. siri says:

    kalumallith list ekata ringuwoth hoda, kalutarin enawa boru.