තරග තහනම් වූ ක‍්‍රිඩකයෙක් රට හැර ගොස් ඇමරිකා කණ්ඩායමට එක්වෙන්න සූදානම්..

August 2, 2021 at 10:40 am | lanka C news
තරග තහනම් වූ ක‍්‍රිඩකයෙක් රට හැර ගොස් ඇමරිකා කණ්ඩායමට එක්වෙන්න සූදානම්..

විනය විරෝධී හැසිරීම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙක් රට හැර යාමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවෙයි.

ඔහු ඇමෙරිකාවට ගොස් එරට ක්‍රිකට් කණ්ඩායම් සමඟ එක්වීමට සූදානමකින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

ආසන්න දින කිහිපයේදී එකී ක්‍රීඩකයා තම සමාජ ජාල ගිණුමේ මෙරට ක්‍රිකට් ප්‍රෙක්‍ෂකයන්ට ස්තුති කරමින් සටහන් කිහිපයක් ද පළකර තිබිණි.

එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරුනේ යැයි එල්ල වූ චෝදනා මත නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග සදහා වසරක් දේශීය තරග සදහා මාස 06ක් ලෙස තහනමක් පැනවීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

92,687 views

20 Comments to “තරග තහනම් වූ ක‍්‍රිඩකයෙක් රට හැර ගොස් ඇමරිකා කණ්ඩායමට එක්වෙන්න සූදානම්..”

  1. ජයවේවා ! says:

    ක්‍රිකට් ගහනව මුවාවෙන් හරි ඇමරිකාවට යන්නයි තියෙන්නෙ. එහෙ ඉස්කෝල කිහිපයක කෝච් කලාම හොඳ ගාණක් හොයාගෙන පාඩුවෙ ඉන්න පුලුවන් . අනික එහෙ ෂෙඩ් වල තෙල් ගහනව කියන්නෙත් මෙහෙ ඇවිත් මුදල් ඇමති වෙන්න හොඳ සුදුසුකමක්…

  2. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  3. Gotaimbara says:

    Good, Go. Discipline is discipline,

  4. malraj says:

    what about other two,,, cant go usa or any whare else…

  5. anura kumara says:

    pera wearadi dan tamai ismathuwenne

  6. podi malli says:

    මුන් හොද එහෙට තමා…චාරයක් නැති වැඩ කරන,ගණිකා සේවය නීත්‍යනුකුල, පාරවල් දිගේ සෙක්ස් තියන,ගංජා පොදු තැන් වල බොන්න පුළුවන් ප්‍රාන්ත තියන,ඕනම මත්ද්‍රව්‍යක් ගන්න හොයාගන්න පුළුවන් ක්ලබ් තියන ඇමරිකාවට තමා මුන් හරියන්නේ…අර රනිල් ලොක්කා වගේ මුනුත් හරියන්නේ එහෙට..

Main News