තරග පාවා දීම් චෝදනා.. ජයසූරිය-තිලංගගෙන් ICC නිලධාරීන් දිගටම ප‍්‍රශ්න කරයි..

October 10, 2018 at 12:01 am | lanka C news
තරග පාවා දීම් චෝදනා.. ජයසූරිය-තිලංගගෙන් ICC නිලධාරීන් දිගටම ප‍්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට්හි සිදුව ඇතැයි කියන ක්‍රිකට් තරග මුදලට පාවා දීම ඇතුළු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම් කිහිපයක් සිදුකර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවකු ලෙස කටයුතු කරණ හේමාල් මෙන්ඩිස් ගෙන් ද කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක දී පැය හතරක පමණ කාලයක් පසු කිරීමකට ලක්කර ඇත.

එමෙන්ම ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ක්‍රීඩාංගණය කළමනාකරු ගොඩ්ෆ‍්‍රී දාබරේගෙන්ද අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කර ඇත.

මෙසේ ප්‍රශ්න කර ඇත්තේ ඔවුන් ක‍්‍රිකට් තරග මුදලට පාවා දුන්නේ දැයි තහවුරු කර ගැනීම සඳහායි.

51 views
Main News