තරග හතරයි.. නායකයින් තුනයි.. මීලග තරගයේ නායකයා ලසිත් මාලිංග..
August 29, 2017 at 6:48 pm | lanka C news
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන මීලග එක්දින තරගය සදහා ශ්රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර ඇත.
තරගාවලියේ මුල් තරග දෙකේ නායකයා ලෙස කටයුතු කලේ උපුල් තරංග වන අතර තුන්වැනි තරගයේ නායකයා ලෙස කටයුතු කලේ චාමර කපුගෙදරයි.
මේ අනුව ශ්රී ලංකා කණ්ඩායම තරග හතරක් සදහා නායකයින් තුන් දෙනෙකු නම් කර ඇත.