තරඟෙට පිම්මේ ගිය යතුරුපැදි දෙක මුහුණට මුහුණ හැපී තුනක් 03ක් මරුට.. දෙදෙනෙක් බරපතලයි.. යතුරුපැදි ගිනිගනී…

May 19, 2022 at 2:16 am | lanka C news
තරඟෙට පිම්මේ ගිය යතුරුපැදි දෙක මුහුණට මුහුණ හැපී තුනක් 03ක් මරුට.. දෙදෙනෙක් බරපතලයි.. යතුරුපැදි ගිනිගනී…

යාපනය කෝපායි පොලිස් වසමේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී 17 රාත්‍රියේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් එහි ගමන්ගත් තරුණයින් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකල බවට පොලීසිය පවසයි.

තිරුනෙල්වේලි රාමලිංගම් මාවතේ තරුණයින් පිරිසක් අධික වේගයකින් යුතුරුපැදි ධාවනය කොට ඇති බවටත් එසේ ධාවනය කරන ලද යතුරුපැදි දෙකක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරික්ෂණවලදී පොලීසිය විසින් අනාවරනය කොටගෙන ඇත.

යතුරුපැදි දෙකේ දෙදෙනෙකු සහ තිදෙනෙකු වශයෙන් ගමන්කොට ඇති අතර යතුරුපැදි පැදවූ තරුණයින් දෙදෙනාම එම ස්ථානයේම මිය ගොස් පසුපැදි කරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව පසුපැදි කරුවෙකු මිය ගොස් ඇතියද පොලීසිය පැවසීය.

අනතුරින් පසුව යතුරුපැදි දෙකම ගිනිගැනීමක් සිදුවීමෙන් ප්‍රදේශවාසීණ් වහා එම ස්ථානයට පැමිණ ගින්න නිවා තුවාල කරුවන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පයවර ගෙන ඇත.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ යාපනය නගරයේ පදිංචි 25 හැවිරිදි රොබින්දන් චාල්ස්, චුන්නාගම්හි පදිංචි 17 හැවිරිදි ලෝහනාදන් මර්වින් සහ කෝපායි ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මහේන්ද්‍රන් මහින්ද්‍රන් නැමති අය බවට හඳුනාගෙන ඇත.

අධික වේගය සහ නොසැලකිලිමත් රියධාවනය මෙම අනතුරට හේතුව බවටත් අනතුර සම්බනධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26,320 views

5 Comments to “තරඟෙට පිම්මේ ගිය යතුරුපැදි දෙක මුහුණට මුහුණ හැපී තුනක් 03ක් මරුට.. දෙදෙනෙක් බරපතලයි.. යතුරුපැදි ගිනිගනී…”

  1. Karl says:

    මං හිතුවෙ දකුණෙ එවුං විතරයි පිස්සු කෙලින්නෙ කියල…. බලද්දි මුලු රටටම පිස්සු…

  2. GONA says:

    වයසෙ වැරුද්ද. මාත් ඒ කාලේ ඔහොම තමයි. කාර් එක හැප්පුනේ නැත්තෙ පාරෙ අනිත් වාහන හොඳට එළවපු නිසයි.

  3. සිදත් says:

    මේ අධිවේගී යතුරුපැදි පිස්සුව පටන්ගත් තේ එන්ජින් ධාරිතාව 250 cc වලින් එහා යතුරු පැදි ලියාපදිංචියට අවසර දීමෙන් .මේක පිටුපස්සේ ඉන්නේ තරුණ ඡන්ද ගන්න ගොන්කම් කරපු දාලදාමාලිගාව වටේ කාර් රේස් පදින්න කටයුතු කරපු මෝඩ ගොබ්බය .මේ බොහෝ යතුරු පැදි 1000ccපමණ ඒවාත් වනවා පොලිසියට මේවා හදුනාගන්නා ගන්න බැරි වෙන්න අදාල සලකුණු මකලා බොරු ධාරිතා සලකුණු පාවා සවි කරනවා .මේ මේ බයික් අතට ගන්න තරුණයෝ හිතන්නේ උපරිම වේගයෙන් යන්න ඕන කියලා.මේක අද සමාජ වියාසනයක් .ලෝහාන්න්‍රත්වත්තේ තමයි මේවාට අවසර දුන්නේ වහාම තවදුරටත් බලා නොසි ට මේ සියලුම එන්ජින් ධාරිතාව 250cc වලට වඩා වැඩි බයික් තහනම් කරන්න.

  4. The Funeral Director says:

    මෙවැනි ඛෙදවාචක ගැන එතරමි දුක්විය යුතු නැත. තැන නොතැන නොදැන ලැබූ උන්මාද වින්දනය මෙලෙස නිමාවූයේ නැත්නමි, මතු යමි දිනයක මෙවන් පොදු මහ මගකදී ජීවිතයේ වෙිදනාකාරී වන්දියක් ගෙවීමට වන්නේ, අපගේම දරැවකුට , හෝ නෑදෑ හිත මිතුරකුට වන්නට තිබුනි.

  5. sunimal says:

    සෙල්ලම ලෙල්ලම වෙයි. . මොක්සුව ලැබේවා