තර්ජනයට ලක් වූ අනුරාධපුර සිරකරුවන්ගෙන් අධිකරණ ඇමති සමාව අයදී…

September 22, 2021 at 1:20 pm | lanka C news
තර්ජනයට ලක් වූ අනුරාධපුර සිරකරුවන්ගෙන් අධිකරණ ඇමති සමාව අයදී…

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් තර්ජනනයට ලක්වූ බව කියන අනුරාධපුර බන්ධනාගාරය සිරකරුවන්ගෙන් තමන් සමාව අයදින බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා කියා සිටියේ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වල රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට රජය කටයුතු කරන බවයි.

අදාළ සිදුවීම හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරකෙු පත්කරන බවත් අධිකරණ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

54,250 views

22 Comments to “තර්ජනයට ලක් වූ අනුරාධපුර සිරකරුවන්ගෙන් අධිකරණ ඇමති සමාව අයදී…”

  1. නාකි මෛණුන්ගේ (විශ්‍රාමික) සාඩින් සමුළුව says:

    එතකොට පුස්පිකාගෙනුත් සමාව අරන්ද

  2. නීති ගැට says:

    සබ්‍රි කොහොමද නීති ගැටේ ගහල ජනාධිපතිවයි, ලොහාන් රත්වත්තෙවයි අන්දපු ඇන්දිල්ල. දැන් ඉතින් පොලිස් පරීක්ෂණ මේ අණ්ඩුව යටතේ නෑ. මොකද පරීක්ෂණ කොම්සමම් දාන නිසා. නඩු වැටෙන්නෙ 2024 න් පස්සෙ පත්වන අලුත් ආණ්ඩුව යටතෙ. ලබන ආණ්ඩුවක් යටතේ ලොහාන් ඇතුලේ. කොහොමද සබ්‍රිගෙ නීති ගැටේ. මේ වගේ නීති ගැට ගහලනෙ ජනාධිපති ළගටත් කිට්ටු වුණේ.

  3. Amathilath Manushshayoya says:

    Lohan varaddak kale nahalu, habai adikarana amathi samaawa ayadinawa! Varaddak nathnam, mokatada samaawa ayadinne?

  4. Asoka says:

    ගමේ අඹ ගෙඩි දෙකක් කපු එකාට ඇපත් නැහැ. අවුරුදු 2 ක් හිරේ. ඔන්න නීතිය

  5. අප්පගෙ නම කන්න ආපු බූරු පුතෙක් බලයට ආවාම මුන් හිතාගෙන ඉන්නේ දෙවිවරු කියලා ,
    මහජන චංඳයෙන් එන තොපි ඔක්කොම හිතාගෙන ඉන්නේ ඉරිසිවරයන් කියලද​???????????

Main News