තරුණයක් පස් දෙනෙක් විසින් බාල වයස්කාරියක් දුෂණය කරයි..

March 20, 2018 at 12:40 pm | lanka C news
තරුණයක් පස් දෙනෙක් විසින් බාල වයස්කාරියක් දුෂණය කරයි..

බාල වයස්කාරියක් දුෂණය කළ තරුණයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.

2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනගා ගනිමින් 15 හැවිරිදි බාල වයකාරියක් මෙලෙස වරින්වර දුෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වන මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක් තුළදී දුෂණයට ලක්වූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.

දුෂණයට ලක් වූ බාල වයස්කාරියගේ නිවාස 2017.05.26 ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්වයත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් නිවාස සම්පුර්ණයෙන් විනාශවී ඇත. ඉන් අනතුරුව තාවකාලිකව ලෑලි වලින් ඉදිකළ පැල්පතේ වාසය කර ඇත.

ගංවතුර උවදුරින් අනතුරුව බාලවයස්කාරියගේ පවුලේ ඇති වූ අග හිග තත්වය හේතුවෙන් පාසල් ගමන අතර මග නැවතී ඇත.

බාලවයස්කාරියගේ පියා මොවුන් අතහැර වෙනත් ප්‍රදේශයක ජීවත් වෙන අතර ඇය මව සමග ව්‍යාපාරික ස්ථානවල සේවයට ගොස් ඇත. එම අතරතුර හමුවූ විවිධ පුද්ගලයින් අතින් ඇය අතවරයට ලක්වී ඇත.

අවසන් වරට ඇය දුෂණය වූ අවස්ථාවේ ඇයගේ මවට මේ බව දැනගැනීමට ලැබී ඇත.

ඇය විසින් බලවයස්කාරිය කැටුව මොරවක පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විසින් වරින් වර බාලවයස් කාරිය දුෂණය කල පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් මොරවක,වරල්ල,පිටබැද්දර යන ප්‍රදේශවල පදිංචි වයස 31,23,25,20 වයස්වල පුද්ගලයින් වේ. බාලවයස්කාරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මොරවක දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇත.

සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

– මොරවක ප්‍රියංකර ගමගේ

11 views
Main News