තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

December 20, 2020 at 6:48 pm | lanka C news
තරුණයන්ට රැකියා නැතිවෙන්න ඉංග‍්‍රීසි බැරිකම බලපානවා..- අධ්‍යාපන ඇමති

මෙරට තරුණ පරම්පරාවේ අධ්‍යාපනය රැකියා වෙලදපල අවස්ථා සමඟ නොගැලපීමට ඉංග්‍රීසි භාෂා නොහැකියාව ද බොහෝ දුරට බලපා ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි.

ඉංග්‍රීසි භාෂාව විදෙස් භාෂාවක් හැදෑරීමක් පමණක් නොව ජාතීන් අතර සම්බන්ධතා පවත්වා ගැනීමට සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ද අත්‍යවශ්‍ය බවද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි හැකියාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය යොමු කර ගැනීම දැනුවත් කිරීමට පැවති උත්සව සභාවක් අමතමිනි.

9,391 views
Main News