තරුණයන් ඇදි චිත‍්‍ර RDA මකා දමයි..

February 12, 2020 at 5:30 pm | lanka C news
තරුණයන් ඇදි චිත‍්‍ර RDA මකා දමයි..

බගවන්තලාව නගරයට පිවිසිමේදි කෙසෙල්ගමුඔය හරහා ඉදි කර තිබෙන ප්‍රධාන පාලමේ ඇද තිබෙන චිත්‍ර මකා දමා එ මත සුදු තින්ත ආලේප කිරිමට (11) දින නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් කටයුතු කර තිබුණි.

බගවන්තලාව නගරයේ තරුණයින් පිරිසක් විසින් පසුගිය දා  බගවන්තලාව නගරයේ ස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කල අතර , බගවන්තලාව නගරයට පිවිසෙන පාලමද සම්පුර්ණයෙන්ම තින්ත ආලේපනය කර අලංකාර චිත්‍ර කිහිපයක් පාලමේ සහ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබුණි.

එසේ නිර්මාණය කර තිබු ප්‍රධාන චිත්‍ර නිර්මාණ හැර පාලමේ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබු අලංකා සිතුවම් කිහිපයක් සුදු තින්ත යොදා මකා දැමිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

පාලමේ නිර්මාණය කර තිබු චිත්‍ර මකා දැමිම සම්බන්ධයෙන් අප නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරි කාර්යයාලයේ ප්‍රධාන විධායක නිලධාරි කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය  මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ රාත්‍රි කාලයේ  ගමන් කරන වාහන වලට පාලම දිස්  නොවන නිසා අනතුරු සිදු විමේ අවධානමක් පැවතිම හේතුවෙන් පාලමේ ආරක්ෂිත වැටේ පමණක් සුදු තින්ත ආලේප කිරිමට කටයුතු කල බවයි.

තවද පාලම මත චිත්‍ර නිර්මාණය කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොතිබිණු බවත්, එසේ අවසර සහ උපදෙස් ලබාගෙන තිබුණේ නම් පාලම චිත්‍ර නිර්මාණය කිරිමට අවශ්‍යය තින්ත වර්ණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දිමට හැකියාව තිබු බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

6 views

9 Comments to “තරුණයන් ඇදි චිත‍්‍ර RDA මකා දමයි..”

  1. stupid picasos says:

    ඇත්තටම මේක හොද දෙයක් මම ලගදිත් වාහනේ එළවගෙන යද්දි වංගුවකදි මෙහෙම පින්තූරයක් දැකල බැලුව ඒකට එක පාරටම ඇහැ යනව ඇත්තටම අනතුරු දායකයි තනි වර්ණ වගේ නෙමෙයි. සුදුසු නුසුදුසු තැන තීරණය කරන්න RDA එකට ඉඩ දිය යුතුයි.

    • සමන් says:

      ඒක තමයි, අපි කොමෙන්ට් දාලා කිව්වේ මේ චිත්‍ර මකන්න වැය කරන්නේ අපේම බදු සල්ලි කියලා!!! – දැන් එව්වා හොඳයි කියලා කොමෙන්ට් දාපු සෙට් එකත් නැ! දැන් චිත්‍ර ඇඳපු එවුං ආගිය අතක් නැ. බොහෝ මාර්ග සලකුනු මැකිලා ගිහිල්ලා! සමහර චිත්‍ර දැන් පාට පිච්චෙන්න පටන් අරං. දැං ඉතිං අපි බදු ගෙවමු මේ චිත්‍ර මකන්න!

  2. 💘💘💘💘💘😛😛😍 says:

    බයවෙන්න එපා බ්‍රෝ…😛😛
    ඒ මැකුවේ…
    ‘හදවත’ අලුත් පක්‍ෂයේ ඊතලය දාල ‘වැලන්ටයින්’ එකට 💘💘
    අඳින චිත්‍රයට…!

  3. SL says:

    අන්න එහෙම තමයි ඉන්න ඕනේ. පාරක් කාර්පට් කරද්දී හරියට කානු ටික දාන්නේ නැතිව ,WATER BOARD එකේ පයිප්ප ටික දාගන්න බැරිව .KARPET කරලා දවස් දෙකෙන් පාර කපන RDA එකේ අයියලාට කරන්න පුළුවන් දේ තමයි මේ !

    ලංගම උදාහරණය.

    අරංගල – කොට්ටාව 933 පාර . කාර්පට් කරල සති 2 යි . අමරගොඩ හන්දියේ ලොකු වලක් කපල තියෙනවා දැන්

    • 🦅🦅🦅🦅🦅😈😈 says:

      ඕක මොකක්ද මචං..🤗
      දින කිහිපයට උඩදි උකුස්සෙක් හෙලිකලා අධිවේගී පාරවල් හදන ට්‍රක්වලින් හොර රහසේම සවස් කාලේ ඒ ගාල් කරල තියෙන වාහනවලින් තෙල් හොරෙන් එලියට පම්ප කරල බැරල් කරල ත්‍රීවීල් වලින් ගෙනියන ජාවාරමක්..🦅🦅
      ලඟදි දවසක විදේශිකයෙක් පාර වැරදිලා වාහනේ හවස 6ට විතර යනකොට දැක්කලු සිමෙන්ති කොට්ට එක එක පාලුවට තියල ගිහිල්ලා තියෙනවා… කොට්ට 50 වැඩිය… 😁😁
      ආපසු හැරිලා එනකොට ඒ පලාතෙම ගොඩනැගිලි ද්‍රව‍්‍ය විකුණන නම ගහල තියෙන ලොරියකට ඒවා පටවා ගන්නවා දැකලා තියෙනවා..! හැබැයි… ඊට අල්ලපු පාරේ කාණු සිමෙන්තියෙන් බැඳගෙන යනවත්
      ඒ විදේශිකයා දැකල තියෙනවා..!
      ඒකත් අර වගේම ගේමක්…

  4. sunimal says:

    මුන්ට අදින්න පටන්ගන්න කොට මේදේ කියන්න බැරි උනාද ලැජ්ජයි

    • Lebbe says:

      එහෙම කිවුව නම් සුදු තීන්ත ගන්න ගිය ගානෙන් ගන්න කොමිස් එක නැති වෙනවා. එක වත් කල්පනා කරන්න තරම් මොලයක් නද්ද ? අහල බලන්න කොච්චර වියදමක් ගියද කියල. ලක්ෂ 5 ක් වත් ගිහින් ඇති. අපි නොදන්නා රජයේ නිලධාරීන් .

  5. amila says:

    මොනවා ලක්ෂ 5 ක් ? වෙන්න ඇති.
    මේ ලංකාව නේ
    90% කොමිස් නේ
    ඔක්කොම හොරු නේ

  6. Chithrasena says:

    කොහොමටත් ඔය චිත්‍ර ඇඳීමේ ලදරු වලිප්පුව දැන් සුව වී ඇති නිසා ප්‍රශ්ණයක් නැත.

Main News