තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන යාමට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවේ.. රිමාන්ඞ්.. ඒකකයත් විසුරුවයි…

February 19, 2019 at 10:40 am | lanka C news
තරුණයන් දෙදෙනෙක් පැහැරගෙන යාමට පොලිස් ලොක්කෙක් අත්අඩංගුවේ.. රිමාන්ඞ්.. ඒකකයත් විසුරුවයි…

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දකුණු පළාත් පොලිස් විමර්හණ ඒකකයේ පොලිස් පරීක්‍ෂක කපිල නිශාන්ත එළැඹෙන 27 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, රත්ගම ප‍්‍රදේශයේ තරුණයන් දෙදෙනක් පැහැරගෙන අතුරුදන් කලේ යයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙනි.

මෙම පොලිස් විමර්ශන ඒකකය භාරව කටයුතු කල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති අතර එම ඒකකය ඉක්මනින්ම විසුරුවා හැරෙනු ඇතැයිද වාර්තා වෙයි.

126 views
Main News