තරුණයන් රැසක් මත්ද‍්‍රව්‍ය සමග ශ‍්‍රිපාද වන්දනාවේ…

December 27, 2021 at 5:30 pm | lanka C news
තරුණයන් රැසක් මත්ද‍්‍රව්‍ය සමග ශ‍්‍රිපාද වන්දනාවේ…

මෙම සති අන්තය තුලදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිනි තරුණයන් 20 දෙනකු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදි පොලිස් නිල සුනඛ ස්ටවුඩ්ගේ සහය මත කරන ලද පරික්ෂාවකදි මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවත්ය.

අනුරාධපුරය, ගාල්ල, කුරුණැගල වැනි විවිධ ප්‍රදේශවල සිට මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 20ත් 30ත් අතර තරුණ පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

ශ්‍රිපාද වන්දනාව වන්දනාවක් මිස විනෝද චාරිකාවක් නොවන බවත් එවන් තත්වයන් මත සමහර තරුණ පිරිස් විවිධ මත් ද්‍රව්‍යද රැගෙන විනෝද ගමන් යන්නාසේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනිම කනගාටුවට කරුනක් බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා

19,550 views

2 Comments to “තරුණයන් රැසක් මත්ද‍්‍රව්‍ය සමග ශ‍්‍රිපාද වන්දනාවේ…”

  1. සීයා says:

    අද කාලේ තරුනයන්ට නැව ගිලුනත් බෑන් චූන්

  2. Gamunu says:

    It is no ta secret that some buddhist monks do consume alcohol regularly even at Temple premises whilst chanting 5 precepts. Looks like these youngsters have decided to follow these monks. I do not condone these youngsters’ action, but this is what happen when elders and religious leaders set bad examples.

Main News