තරුණයින්ගෙන් අපූරු වැඩක්.. ගංජා රථයක් ලුහුබැඳ ජාවාරම් කරුවන් පොලීසියට අල්ලා දෙයි..
September 30, 2018 at 6:48 pm | lanka C news
සැකයක් සහිත ලොරි රථයක් සම්බන්ධයෙන් අධානයෙන් සිටි කිලිනොච්චිය, මලයාලපුරම් ප්රදේශයේ තරුණයින් පිරිසක් අදාළ ලොරි රථය පසුපස හඹාගොස් ගංජා ජාවාරමක් ඊයේ (29) රාත්රියේ අල්ලා පොලීසියට භාරදුන් බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය,මලයාලපුරම් ප්රදේශයේ අධික වේගයෙන් ධාවනය වන කුඩා ලොරි රථයක් සම්බන්ධයෙන් සැක පල වූ තරුණයින් පිරිසක් විසින් එම ලොරි රථය පසුපස ලුහු බැඳ ඇත එම අවස්ථාවේදි අදාල ලොරි රථය කිලිනොච්චිය,මලයාලපුරම් ප්රදේශයේ කුරික්කු වීදිය ඔස්සේ වැවක් වෙත අධික වේගයෙන් ධාවනය කොට තිබේ.
නමුත් දිගින් දිගටම තරුණයින්ගේ හඹාඒම හමුවේ සැකකරුවන් ලොරි රථයේ තිබු පාර්සල කිහිපයක් එළියට විසිකොට ලොරි රථයද දමා පළාගොස් ඇති අතර,අනතුරුව තරුණයින් සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත දන්වා ඇත.
පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී විසිකොට තිබු පාර්ලස වල කේරළ ගංජා කිලෝ ග්රෑම් 6ක් පමණ තිබි ඇති අතර, දමාගොස් තිබු ලොරි රථයද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ ප්රදේශයේ තරුණයින්ගේ අවධානය හේතුවෙන් අදාළ ජාවාරම අල්ලා ගැනීමට හැකි වු බවටත් පැනගිය සැකකරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන අතර, අත්අඩංගුවට ගත් ගංජා හා ලොරි රථය කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
hats off my dear sons… good children of good parents.god bless
Great work , Thank you all