තරුණයින් දෙදෙනෙක් තෙල් බවුසරයේ ගැටී මිය යයි.. යතුරු පැදිය දෙකඩ වෙයි..
November 8, 2018 at 8:02 am | lanka C news
දීපාවලිය සමරා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ කිලිනොච්චිය නගර මධ්යෙය්දී අනතුරට ලක්වීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
කොළඹ සිට යාපනයට තෙල් ප්රවාහනය කරමින් තිබූ බවුසරයක පරන්තන් සිට කිලිනොච්චිය දක්වා පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කල තරුණයින් දෙදෙනා මෙසේ මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.
යතුරුපැදිය අධික වේගයකින් ධාවනය කිරීමෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම මත මෙම අනතුර සිදුව ඇති බවට කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටින අතර අනතුරින් යතුරු පැදිය දෙකඩ වී ඇත.
අනතුර සිදු වූ අවස්ථාවේදී එක් තරුණයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
මෙම අනතුරින් මිය ගොස් ඇති එක් තරුණයෙකු කිලිනොච්චිය සෙල්වනගර් ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි සෙල්වරාජා ගජීපන් වන අතර අනෙක් තරුණයා කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවටද අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරික්සණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ