තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට…

June 11, 2019 at 2:07 am | lanka C news
තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මරුට…

වවුනියාව පම්පමඩු ප‍්‍රදේශයේ අතහැර දැමූ  ජලය පිරී තිබු ගල්වලක නෑමට ගිය තරුණයින් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි වවුනියාව පූවරසන්කුලම පොලිසිය කියයි.

පම්පමඩුව ප‍්‍රදේශයේ අතහැර දැමුණු ගල්වලක් තුළ දියනෑම සඳහා පුද්ගලයින් 12 පමණ එහි ගොස් ඇති අතර දියනාමින් සිටියදී තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති බව පොලිසිය සඳහන් කියා සිටියි.

මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ වවුනියාව වේප්පම්කුලම් පදිංචි ශාන්තකුමාර් ජූඩ් (18) සහ වවුනියාව පට්ටාන්චූර් පදිංචි සුරේෂ්කුමාර් තනීෂන් (16) නැමති තරුණයින් ය.

එම ස්ථානයේ ජලය පිරී පැවතීම හේතුවෙන් තරුණයින් කණ්ඩායම් එහි ගොස් දියනෑමට හුරුවී සිටින බවත් එහිදී මෙම අනතුර සිදුව ඇති අතර  දියේ ගිලී ඇති තරුණයින් දෙදෙනාගේ සිරුරු පැය කිහිපයක් ප‍්‍රදේශවාසීන් හා පොලිසිය කිමිදුම්කරුවන් යොදාගෙන කළ සෝදිසි කිරීමේදී සොයාගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,011 Viewers
Main News