තරුණයින් දෙපිරිසක් අතර දරුණු ගැටුමක්.. තිදෙනෙක් රෝහලේ හත් දෙනෙකු අත්අඩංගුවට…

August 13, 2019 at 5:30 pm | lanka C news
තරුණයින් දෙපිරිසක් අතර දරුණු ගැටුමක්.. තිදෙනෙක් රෝහලේ හත් දෙනෙකු අත්අඩංගුවට…

වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ තරුණුයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇති අතර තවත් තරුණියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි.

අදාල තරුණයින් කුරුමන්කාඩු මන්සන්ධියේදී මත්පැන් පානය කොට ඇති බවට සැක පල කරන අතර එහිදී තරුණයින් දෙපිරිස අතර ඇති වූ බහින් බස් වීම දුරදිග යාමෙන් තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට පහරදීමෙන් පසුව එය දරුණු ගැටුමක් බවට පත් වී ඇත.

අනතුරුව තරුණයින් දෙපිරිස අත පොලු, මුගුරු, වීදුරු බෝතල්, තියුණු ආයුධ, සමගින් පහරදී ගැනීම් සිදුව ඇති අතර එහිදී පහරකෑමට ලක්ව තුවාල ලැබූ තරුණයින් තිදෙනෙකු රෝහල්ගත කෙරුණි.

අදාල ගැටුම සමබන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් වව්නියාව පොලීසියට දැනුම් දී ඇති අතර අදාල ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ගැටුම ඇතිකරගත් තරුණයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල පහරදීමෙන් තුවාල ලැබූ තරුණයින්ගේ තත්වය බරපතල නොවන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට පරික්ෂණ සිදු කරන වවුනියාව පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,492 Viewers

3 Comments to “තරුණයින් දෙපිරිසක් අතර දරුණු ගැටුමක්.. තිදෙනෙක් රෝහලේ හත් දෙනෙකු අත්අඩංගුවට…”

  1. David Milli-banda says:

    This is retribution. TNA do something for your past mistakes.
    Gods & Motherland are abgry with the Tamils. Diaspora read what is happening. Do not bring anumore curse to the North.

  2. වරදට දඬුවම නියතයි says:

    උතුරේ වුනත් දකුණේ වුනත් මේ බීමත් කාලකන්ණි ගහමරාගෙන පසුව රෝහල් ගතකරනවා. එහිදී ගිලන්රථ වලට රෝහල් ගාස්තු දරන්නේ බදු ගෙවන සාමාන්‍ය ජනතාව. මෙය ඉතාමත් අසාධාරණ කටයුත්තක්. මුන් කිසිම පාලනයක් නැතිව ගහමරාගන්නේ නොමිලයේම රෝහල් ගතකරලා ප්‍රතිකාර කරණ නිසා. කලයුත්තේ මේ කාලකන්නින් හට ප්‍රතිකාර සඳහා වැයකළ මුළු මුදලම මුන්ගෙන්ම අයකරගැනීමයි. මුදල් නොගෙව්වොත් වැඩ කඳවුරකට දමලා බිල ගෙවෙනතෙක් වැඩ ගැනීමයි.

Main News