තරුණයෙක් දුම්රියට පැන මිය යයි..

September 21, 2020 at 5:30 pm | lanka C news
තරුණයෙක් දුම්රියට පැන මිය යයි..

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය ආනන්දපුරම් ප්‍රදේශයේදී අද (21) තරුණයෙකු දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

යපනය සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර සීග්‍රගාමි දුම්රියට අද උදෑසන 8 ට පමණ අදාල තරුණයා ගැටී ඇති අතර දුම්රියේ ගැටීමෙන් එම තරුණයා එම ස්ථානයේම මිය ගොස් ඇති අතර මළ සිරුර කිලිනොච්චිය දුම්රිය ස්ථානය රැගෙනවිත් ඇත.

අදාල තරුණයා දුම්රියේ ගැටීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර දුම්රියට පැන සියදිවි හානිකරගත්තේදැයි යන්න සැකසහිත බවට කිලිනොච්චිය පොලීසිය සැක පල කර සිටියි.

දුම්රියේ ගැටීමෙන් මේසේ මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි යෝගේස්වරන් අයන්තන් නැමති අයෙකු බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

20,431 views
Main News