තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…

May 9, 2021 at 2:09 am | lanka C news
තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිමේ කටයුත්තක් සදහා යෙදවා තිබු ස්කැවෙටර් යන්ත්‍රයකින් පස් කපමින් සිටියදි විශාල ගලක් තරුණයෙක් මතට (08) දින පෙරලිමෙන් එම තරුණයා බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව බගවන්තලාව පොලිසිය පැවසිය.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව ටින්සින් නගරයේ ස්කැවෙටර් යන්ත්‍රයෙන් පස් කපමින් සිටියදි පස් වලට යට වි තිබු විශාල ගලක් එකවරම කෙසෙල්ගමුඔය දෙසට පෙරලි ඇත.

කෙසෙල්ගමුඔය අසල තෘණ කපමින් සිටි තරුණයෙකු ගලට යට වි ඇති අතර , පසුව එම තරුණයාව ප්‍රදේශවාසින් එක් ව රෝහල් ගත කර ඇත.

ස්කැවෙටර් යන්ත්‍රයේ ක්‍රියාකරුව බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , පස් කැපිමට උපයෝගි කරගත් ස්කැවෙටර් යන්ත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිමේ කටයුතු පෞද්ගලික අංශයක් මගින් සිදු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

25,780 views

2 Comments to “තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…”

  1. Brahmadatta says:

    තරුණයෙක් මතට විශාල ගලක් පෙරලෙයි…මෙතන පෙරලෙයි නෙවෙයි පෙරළෙයි කියා වරද නිවැරදි කළ යුතුයි!

    • පොඩි එකා says:

      නිවුස් ඔක්කොම සිංහල මරන උං ගෙ.

      “අවදානම ” වෙනුවට හැම එකාම “අවධානම” කියලා කොටන්නෙ. අර පෝන් එක රිං යද්දි කොරෝනෙ පම්පෝරිය ගහන ගෑනිගෙ කියවිල්ලත් එහෙම්මමයි. මහප්‍රාණ අකුරු කියවනවා හරියට හිලේ කැරට් ගහගෙන වගෙ.

      තුහ් නොදකිං

Main News