තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි… තරුණයා ජිවිතක්ෂය… තරුණියට බරපතලයි…

April 12, 2021 at 4:40 pm | lanka C news
තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි… තරුණයා ජිවිතක්ෂය… තරුණියට බරපතලයි…

හැටන් නගරයේ පෞද්ගලික බස් රථයකට යටවිමෙන් තුවාල ලැබු තරුණයෙකු සහ තරුණියක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු බරපතල ලෙස තුවාල ලබා සිටි තරුණයා ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.

(12) දින පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නගරයේ දුම්රිය පාලම අසලදිය.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වත්ත පහල කොටසේ පදිංචි එම්.කරුණාකරන් නැමති 32 හැවිරිදි විවාහක තරුණයෙකි.

හැටන් විග්ටන් සිට හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයකට ජිවිතක්ෂයට පත් තරුණයා සහ තරුණිය ගැටි මෙම අනතුර සිදු වි ඇත.

ජිවිතක්ෂයට පත් තරුණයා සහ තුවාල ලැබු තරුණිය හැටන් නගරය දක්වා මාර්ගය අභියස පයින් ගමින් කරමින් සිටියදි පසුපසින් ධාවනය වු පෞද්ගලික බස් රථයේ දෙදනාම ගැටි අනතුර සිදු වි ඇති අතර, බස් රථයේ ගැටුණු තරුණිය ඉදිරියට විසි වි ඇති බවත් , තරුණයා බස් රථයේ පිටුපස රෝදයට යට වි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

බස් රථයේ රියදුරා සහ බස් රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

තුවාල ලැබු තරුණියගේ තත්ත්වයද බරපතල බවයි දික්ඔය රෝහලේ වෛද්‍යවරුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,949 views

8 Comments to “තරුණයෙක් සහ තරුණියක් බස් රථයකට යටවෙයි… තරුණයා ජිවිතක්ෂය… තරුණියට බරපතලයි…”

  1. හැටන් මිනීමරු හන්ඳිය 🤬🦵🤬🦵🤬 says:

    දඬුවම ලෙස බසය පැදවූ රියදුරුගේ
    දකුණු කකුලේ විලිඹුවෙන්ම ‘ ඇක්සලරේට්’
    කරන කෑල්ල කපලා ඉවත් කරන්න…!
    එතකොට ඉදිරි කාලයේ ජීවිත බේරෙයි..!

    🤬🦵🤬🦵🤬🤬🦵🤬🦵🤬🤬🦵🤬🦵🤬

  2. SKF says:

    තරුණයා නැති වීමෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව ගණනය කරමු.

    තරුණයා මසකට අවම ඉපයීම = 30,000
    තරුණයා වසරකට අවම ඉපැයීම = 360,000
    තරුණයා වැඩ කරණ වසර ගණන = 60 -32 = 28
    තරුණයා විශ්‍රාම යන තුරු ඉපැයීම = 360,000 × 28 = 10,080,000 ( ලක්ශ 100 කට වැඩියි)

    මේ විධියට බැලුවාම ජෙප්පො මරපු තරුණයො 90,000 නිසා රටට වූ පසුබැස්ම අනන්තයි, අප්‍රමාණයි.

    • සනත් ඉතාලිය says:

      හරක උනාට උම්බෑ කියන්න එපා බන්. පුදුම සන්ස්කෘතියක්. එක්කො හැමඑකටම රාජපක්ෂ. නැත්නම් මේ ආන්ඩුව, නැත්නම් ගිය ආන්ඩු, නැත්නම් ජෙප්පො. ප්‍රශ්නෙට හරි පිලිතුර හොයන්නෙ නැහැ. කවදා මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙයිද මන්ද

      • Boris says:

        Yes, you are right! These uneducated, uncivilised, insensible SoBs never change their attitudes. Never try a solution, always blame JVP, SJB… Like this rulers

  3. SKF says:

    ස ෆේල්

  4. Saradiel says:

    නිවන් සැප ලැබේවා

    තරුණියට ඉක්මන් සුවය පතමු.

  5. kalana says:

    මේ කාලකන්නි driver ලට නීතියක් නැද්ද? මුන්ව හිරේ දාන්න ජීවිතාන්තය දක්වා, ලොකු දඩයකුත් එක්ක. නැත්නම් මේවා හදන්න බැහැ

  6. david milibanda says:

    These Private busdrivers have no patience and experience. “Munta THADIYAMA”
    Must give maximum punishment + Compensation from Driver + Owner.
    All these Private buses must be fully Insured to ply on the roads. New Year. New Law.

Main News