තරුණයෙකුගේ මළ සිරුරක් වැවක පාවෙයි..

July 29, 2018 at 5:30 pm | lanka C news
තරුණයෙකුගේ මළ සිරුරක් වැවක පාවෙයි..

කිලිනොච්චිය ධර්මපුරම් සිරිකුලම් වැවේදී පාවෙමින් තිබූ මළ සිරුරක් ඊයේ (28) සවස සොයාගත්  බවට ධර්මපුරම් පොලීසිය කියා සිටියේය.

පසුගිය 23 වනදා සිට 31 හැවිරිදි කනපතිපිල්ලෙයි සුභාකරන් නැමති තරුණයා අතුරුදහන්ව ඇති බවට ධර්මපුරම පොලීසියට අතුරුදහන් තරුණයාගේ ඥාතීන් විසින් පැමිණිළි කොට තිබූ අතර ඊයේ සවස සිරිකුලම් වැවට පැමිණි වැසියෙකුට මළ සිරුර වැවෙහි පාවෙමින් තිබූ අයුරු දැක ඒ බව ධර්මපුරම් පොලීසියට දැනුම් දී ඇත.

මළ සිරුර කිලිනොච්චිය මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අදාල මරණයට හේතුව පිළිබඳ මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදු කරන ධර්මපුරම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

20 views
Main News