තරුණයෙකු දුම්රියේ ගැටී මරුට…

June 15, 2020 at 2:06 am | lanka C news
තරුණයෙකු දුම්රියේ ගැටී මරුට…

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් රාත්‍රියේ තරුණයෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

යාපනය සිටි කොළඹ බලා ධාවනය වූ දුම්රියකට මෙසේ තරුණයා ගැටී ඇති අතර අදාල තරුණයා දුම්රියට ගැටීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර රාත්‍රියේ මත්පැන් පානය කොට දුම්රිය මාර්ගයේ ගමන්කිරීමෙන් දුම්රියේ ගැටෙන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටියි.

දුම්රියේ ගැටීමෙන් මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය පොන්නගර් ප්‍රදේශයේ පදිංචි දර්ශන් නැමති තරුණයෙකු වන අතර ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට ඇති බවට පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

70 views
Main News