තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

September 19, 2022 at 2:10 pm | lanka C news
තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ ඇත. හිමිනම ඔහු රැගෙන යාමට ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ එම තරුණයා මුහුණු පොතින් හඳුනාගත් තරුණියක්ද ගුවන්තොටුපළට පැමිණ සිට ඇත.

තරුණයා නඩුවකට පෙනී නොසිටීම නිසා නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදීම අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඒ අවස්ථාවේ තරුණයා සතුව තිබූ රුපියල් ලක්ෂ 72කට අධික මුදල් ප්‍රමාණයක් හිමිනමට භාරදී ඇත.

පසුව හිමිනම සිය ඥාති පුත්‍රයාගේ මිතුරියද සමග පිටත්ව ගිය අතරමගදී එම තරුණිය විසින් පලතුරු බීම දෙකක් වෑන් රථයේ රියැදුරුට සහ හිමිනමට ලබාදී ඇත. එම බීම පානය කිරීමෙන් අනතුරුව සිහි මඳ ගතියක් ඇති වූ බව හිමිනම පොලිසියට ප්‍රකාශ කර ඇත.

ස්වල්ප වේලාවකින් එම ගතිය නැතිවී ගොස් ඇති අතර එම තරුණියද රියෙහි නංවාගෙන පැමිණ දෙමටගොඩ ප්‍රදේශයෙන් බැස්සවූ බව හිමිනම පොලිසියට පවසා ඇත. පසුව බැලීමේදී ඥාති පුත්‍රයා තමන්ට ලබාදුන් මුදල් අතුරුදන් වී තිබූ බවට එම පැමිණිල්ලෙහි සටහන් වේ.

තරුණිය අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.

– Aruna

52,480 views

15 Comments to “තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…”

  1. මරා... says:

    කෙහෙලියගේ උපදේශක හිමිනම නම්…..ම්ම්ම්ම්…අර පිටරටදි හෝටලෙන් වැටිලා ගහපු තිර පිටපත වගේමයි……. පිටපත දුර්වලයි…..ඩ්‍රයිවර්ට මොනාහරි බොන්න දුන්නානම් තරුණියව ගිහින් ඇරලන්න විදිහක් නෑ……අනික වාහනේ එන්න ඇත්තේ හයිවේ එකේ…එතන මග කූල් ඩ්‍රින්ක්ස් ගන්න තැනක් නෑ…….හාමුදුරුවෝ තුසිත දෙව් ලෝකේට කිට්ටු වෙන්න උත්සහ කරපු බවක් තමයි හැඟෙන්නේ…අනික තරුණිය කොහොමද සල්ලි දුන්න බව දන්නේ අපේ හාන්දුවනේ…

  2. Boo says:

    කෙහෙළියට උපදෙස් දෙන්නෙ රති කෙලිය පිලිබඳවද මේ ගණයා?

  3. Ajith says:

    හාමුදුරුවෝ වැඩේට ලේස්ති වෙන්න ඇති කෙල්ල බැහැ කියන්න ඇති. තරහට පොලිසිය අල්ලාගෙන බොරු චෝදනාවක් දාන්න ඇති. ඔය ලංකාවට ගෙනාව කියන විදේශ විනිමය මුදල් ඇයී රේගුවේ ඩික්ලයර් කරේ නැත්තේ. එතනම රටට ආපු එකා ඇප ලැබෙන්නේ නැති වරදක් කරලා තියෙන්නේ

  4. JR says:

    හිමියා ලඟ තිබුන සල්ලි ගන්න තරුණිය හිමියගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන ආවද.? ගෝනි සෙල්ලමක් වෙලා තියන බව නං පේනවා…

  5. මෝ says:

    කෙහෙලියට රති කෙලිය ගැන උපදෙස් දෙන එකා විය යුතුයි.ගනයියයි කෙල්ලයි දෙන්නම සෙට්වෙලා ගේම දුන්න ලෙසක් තමයි පේන්නෙ.

Leave a Comment

Main News