තරුණියක් සිරුරට ගිනිතබාගෙන දිවි නසාගනී..

June 25, 2020 at 2:06 am | lanka C news
තරුණියක් සිරුරට ගිනිතබාගෙන දිවි නසාගනී..

යාපනය පූත්තූර් ප්‍රදේශයේ පදිංචි තරුණියක් සිය සිරුරට ගිනිතබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි.

පූත්තූර් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි යූ. වීදූෂිකා නැමති තරුණිය සිය නිවසේ සිටින අවස්ථාවකදී ගෙමුදලට පැමිණ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබාගෙන ඇත්තේ පසුගිය 21 වනදාය.

අනතුරුව දරුණු පිළිසුම් තුවාල සහිතව තරුණිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ දින මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.

මිය ගිය තරුණියගේ ඥාතීන් පොලීසියට පවසා ඇත්තේ මිය ගිය තරුණයට වසරකට අධික කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවටත් එම සබඳතාවයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් ගිනිතබා ගැනීමට පෙර දැඩි සිතුතැවුලෙන් සිටි හෙයින් ඇති පීඩනයක් දරා ගැනීමට නොහැකිව මෙලෙස ගිනි තබා ගන්නට ඇති බවට සැක පලකරන බවටය.

කෙසේ වෙතත් මිය ගිය තරුණියගේ මළ සිරුර පස්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් යාපනය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අච්චුවේලි පොලීසිය වැඩි දුර පරික්ෂණ සිදු කරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

167 views
Main News