තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..?

March 4, 2021 at 10:01 pm | lanka C news
තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..?

බුත්තල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී රැගෙන ආ බෑගය පිළිබඳවද මේ වනවිට විශේෂ අවධානයක් යොමුවී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.

එම යුවල නැවතී සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බවත් යම් හෙයකින් ඝාතක පොලිස් නිලධාරියා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිස් විමර්ශන කණ්ඩායම්වලට සැකයක් මතුවී ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් අද (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණි.

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු හිස රහිත කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ DNA පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මීට පෙර පැවසීය.

– adaderana

77,315 views

2 Comments to “තරුණියගේ හිස බෑගයක දමා කැළණි ගගට විසිකරලා..?”

  1. වන්නියා says:

    හප්පොච්චියේ මේ මීහරක් වැඩ හින්දා මොන තරං කාලයක් , මිනිස් ශ්‍රමයක් , මුදලක් ….. එකී නොකී මෙකී කීයක් අනීවාරතේ අපතේ යනවද . සිය දිවි නසා ගන්න එවුන්ට මරණ දඬුවම දෙන්නම ඕන . ( මොනව කරල හරි ආපහු පණ අරන් )

  2. Janu says:

    ලංකාවේ මිනිස්සුන්ට ඕනේ අනුන්ගේ කුණු රස කරා කරා කන්නයි. වෙන රටවල් වලත් ඔවා ඕනේ තරම් වෙනවා එත් නිව්ස් වලටවත් පත්තර වලවත් ලංකාවේ තරම් අයිසින් දම දමා විකුනන්නේ නෑ. අනිත් වැදගත් ප්‍රශ්න ඔක්කොම අමතකයි. දැන් හොර මගුලක් පස්සේ ජනතාව මෙහෙයවනවා. ඔව්වා කාටද වටින්නේ? මිනිසා තිරිසනෙක්. ඒ ගති නැති කරන්නයි නිතිය ගෙනාවේ. නමුත් තිරිසන් ගති ඉස්මතුවීම වලක්වන්න නිතිය අසමත්. නිතිය සහ සොබාදහමේ ගැටීම මෙයින් පිලිබිබු වෙනවා. මෙව්වා ඉස්මතු නොකර වැදගත් ප්‍රවුර්ති දාන්න.

Main News