තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

September 14, 2021 at 3:50 pm | lanka C news
තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

කොළඹ නගරයේ තරුණ තරුණියන් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

එම පිරිස් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටින බවත් බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් නගර සීමාවේ තරුණ තරුණියන් එන්නත්කරණය ඉතා මන්දගාමී වී ඇතැයිද පැවසීය.

නගර සීමාවේ තරුණ ජනගහනය 97,000ක් පමණ වුවද මේ වන විට එන්නත්කරණයට ලක්ව ඇත්තේ ඉන් තුනෙන් එකකට වඩා අඩු පිරිසක් බවත් ඔහු කියා සිටියි.

කොරෝනා මර්ධනය සදහා ෆයිසර් එන්නත වඩා ආරක්ෂා සහිත යයි පදනම් විරහිත මතයක් ඔවුන් විසින්ම ගොඩනගාගෙන තිබීම මෙයට හේතුවක් බවත් පැවසූ වෛද්‍යවරයා එහි කිසිම සත්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.

47,597 views

52 Comments to “තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..”

  1. ape rata says:

    සෞක්‍ය බලධාරීන් පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කරන්න මේ එන්නත් තුලින් කිසිම අනාගත අතුරු අභාධයක් නොවන බව. “මෙතෙක්” පරීක්ෂණ මගින් එවැන්නක් සොයා නොගත් බව කියමින් ඔවුන් හැමවිටම මගහරිනවා. කෙටි කාලයක් පමණක් පරීක්ෂණ කල සහ අනාගතයේදී සිදුවන දේ දන්නේ නැති දෙයක් සිරුරට ඇතුල් කරගන්න නිරෝගී මිනිස්සු බයයි. අතිගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබට “රටේ බහුතරය එන්නත් කරන ලෙස” උපදෙස් දුන් සහ “එන්නත එකම විසදුම” ලෙස උපදෙස් දුන් බලධාරීන්ට ඉහත පැහැදිලි සහතිකය ජනතාවට දෙන්න කියන ලෙස. එසේ දැනගැනීම මිනිසුන්ගේ අයිතියක් වගේම එවිට ජනතාව මිට වඩා එන්නත් ගැනීමටත් පෙළ ගැසේවි. එවිට ස්ව කැමැත්තෙන් එන්නත ලබා ගනිමි යන අත්සන් කොලයත් මිනිසුනට පිරවීමට අවශ්‍ය නොවේවි. එන්නත් වැඩපිළිවෙල වඩා හොදින් රටේ ක්‍රියාත්මක වේවි.

    • පරික්ෂණාගාර මීයන් says:

      ඔබතුමා වගේ මින් පෙර සිටි මිනිසුන් සිතුවා නම් අදත් සරම්ප, වසූරිය, මැලේරියාව, අතීසාරය යන රෝග සදහා සුදුසුම බෙහෙත සොයාගෙන නොමැතිව අදත් ලක්ෂ ගණනින් මරු වැළඳ ගන්න තිබුනා. මොකද වසංගතයක් සදහා නිපදවන බෙහෙතක් සතුන් යොදා හොද.නරක පරික්ෂා නොකරන බැවින්. එය සිදු කරන්නේ මිනිසුන් මතම තමයි. මේ බෙහෙත් විදින්නේ ලංකාවේ විතරක් නෙමේ ධන කුවේරයන් සිටින මැද පෙරදිග, ⁣මැකාවෝ, මොනාකෝ ආදී රටවලත් විදින ලදි. මෙම සිනෝෆාම් එන්නත ලබා ගැනීමට අකමැත් වන්නේ එය යුරෝපය, ඇමරිකාව,කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදී උසස් අධ්‍යාපනය ලබා ගැනීම ටයන රටවල් පිලි නොගැනීම මතයි. එය ප්‍රකාශ කීරීමට මොවුන්ට කොන්දක් නැත. ඒකයි මේ බොරු බේගල් කියන්නේ

  2. KG says:

    Kolamba harakunta jeewitheta wada pamporiya watinawa mithrawaruni..den mangala yojanawatath eka balanawalune..moka unath 1 year wath antibody level eka hitinnathi vaccine wala heda balannathuwa wida gaththoth..thawa jaathiyak widaganna pana wath ithuru wei..habei mehema harak malath kamak ne

  3. xxx says:

    වරාය කිට්ටුව නිසා හම්බන්තොට ට ෆයිසර් යැව්වා කියා කීවේ DR. ප්‍රසන්න ගුණසේන ය. වරාය කිට්ටුව උනාම ෆයිසර් ගහන්න උවමනා ඇයි කියන එක පලමු ප්‍රශ්නය වේ. දෙවැන්න නම් කොළඹත් හම්බන්තොටට වඩා විශාල වරායක් තිබෙන නිසා කොළඹ අයට ෆයිසර් දෙන්නේද යන්නය.

  4. Shan says:

    ඕන නම් ගහගනිල්ලා.. නැති නම් මැරියලා.. උබලා රට යන කොට බූස්ටර් එක ගහ ගනිල්ලා.. කොහොමටත් මාස 12 කට පස්සේ ලැබෙන එක ගහන්න වෙන්නෙ.. ඉතින් මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගහන්නෙ නැතිව.. බේරියල්ලා රට යන්න ඉස්සෙල්ලා.

    • Ras says:

      අගෝස්තු මස 28 වැනි දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් මස 03 වැනි දිනෙන් අවසන් වූ සතිය තුළ මෙරට එක් කොවිඩ් මාත‍්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 428 දෙනෙකු හා මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් 183 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි

  5. Vis8 says:

    It has been shown by research in the EU that Sinopharm vaccine is better for variants such as delta. Pfizer wont work. The whole Indian cricket team had Pfizer vaccine. Most have delta variant infections.

  6. Asanka Handapangoda says:

    The reason for this is that the European Union and developed nations are allowing Pfizer, Moderna vaccine to enter their country, whereas Astrazeneca’s vaccine is only accepted in a few countries. Many European nations have banned the Sputnik and Sinopharm vaccines.

  7. Kandy Gentlemen says:

    ලංකාවෙ හුගක් මිනිස්සුන්ගෙ ඇත්තම තත්වය තමයි ඇස් පනාපිට දකින සත්‍ය පිලිගන්නෙ නැතිව කවරදාකවත් නොදැකපු, දකින්න හම්බවෙන්නෙත් නැති මිත්‍යාව ඉස් මුදුනින් පිලිගැනිම. මේ මිනිස්සු කොට්ඨාසය හැම දෙයක්ම දකින්නේ වැරදි විදිහට. ඉතින් එවන් මිනිස්සුන්ගෙ මිත්‍යාව මත එල්බගෙන එන්නත් වර්ගිකරනය කිරිම ඇත්තටම අලුත් දෙයක් නෙවෙයි.

  8. Hasith says:

    මෙතන කොමෙන්ට් සියල්ල කියෙව්ව නමුත් ප්‍රදානම දෙ කවුරුත් කියල නෙ .
    පයිසර් එන්නත මගින් ජාන වලට ප්‍රශන් අතිවෙල ලියුකෙමියා වනි රුදිර රොග අතිවෙන්න පුලුවන් බව විද්‍යාග්නයො කියනව .අපෙ මහාචාර්‍ය තිස්ස විතාරන මහතාත් මෙ බව පෙහෙදිලිවම කිව්වා .රට ගියා වගෙ නෙවෙයි නොදන්නා රොග හදාගෙන වින්දවන්න උනාම.නමුත් චිනෙ එන්නත හදන්නෙ රාජ්‍ය සමාගමක ඔවුන් රටෙ ජනතාවගෙ අනාගත සවුක්‍ය වෙනුවෙන් ප්‍රතිජිවක පවා නොදෙන ජාතියක් සයිනොෆම් එන්නත කොරොනා විශබිජය අඩපන කර හදනලද සාම්ප්‍රදායික එන්නතක් මිසක් ජාන මෙහෙයවල කොරන දෙයක් නෙවෙයි එයින් වෙන්න පුලුවන් හානිය බොහොම අවමයි .පයිසර් එකෙන් රුදිර කටිගසිම සිදුවෙන හෙතුවත් ඔය ආර් එන් එ මගින් කරන සෙල්ලමයි ..බොරු ශොබනයො හිතන්නෙ අමරිකන් බඩු මාරයි කියල නමුත් උදාහරන ඔනෙනම් අමරිකන් වාහන බලන්න කිලොමිටර් ලක්ශයක් පනින්න ඉස්සරවෙලා ලෙඩ.අපෙ උන් අමරිකාව මනින්නෙ උන්ගෙ හොලිවුඩ් ෆිල්ම් වලින් මුන් මහා විහිලුසපයන්නො

  9. Lansa says:

    සයිනොෆාම් ගහපුවම කොට වෙනව කියනව නේද?

  10. Felix says:

    The youth are not fools. They are logical and intelligent. Colombo has a big harbor. Pizer reaches Harbor the same as Hambanthota, and they (Colomo youths) are most eligible for Pfizer same as Habanthota youths.

Main News