තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

September 14, 2021 at 3:50 pm | lanka C news
තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

කොළඹ නගරයේ තරුණ තරුණියන් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

එම පිරිස් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටින බවත් බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් නගර සීමාවේ තරුණ තරුණියන් එන්නත්කරණය ඉතා මන්දගාමී වී ඇතැයිද පැවසීය.

නගර සීමාවේ තරුණ ජනගහනය 97,000ක් පමණ වුවද මේ වන විට එන්නත්කරණයට ලක්ව ඇත්තේ ඉන් තුනෙන් එකකට වඩා අඩු පිරිසක් බවත් ඔහු කියා සිටියි.

කොරෝනා මර්ධනය සදහා ෆයිසර් එන්නත වඩා ආරක්ෂා සහිත යයි පදනම් විරහිත මතයක් ඔවුන් විසින්ම ගොඩනගාගෙන තිබීම මෙයට හේතුවක් බවත් පැවසූ වෛද්‍යවරයා එහි කිසිම සත්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.

47,206 views

52 Comments to “තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..”

  1. ටෙස්ටින් කන්ට්‍රි says:

    අත්හද බලන එන්නත් විද එන්නත් ටෙස්ට් කරන්න ඉඩ දුන් හොඳම රට

    • Kandy Gentlemen says:

      ලංකාව ඇඇත්තටම සත්තු වත්තක් වගෙනෙ. ඉතින් එන්නත් test කරන්න දුන්නට වරදක් නැනෙ. මේ site එකෙ තියන comment බලපුවම සත්තු මිට වඩා ගොඩාක් හොඳට හැසිරෙනව.
      අපේ එවුන්ට උගත්කම තිබුනට බුද්ධිමත්ව හිතන්න මොලේ කලදක්වත්්නැ . ඇතිවෙන්න තියෙන්නෙ මෝඩකමයි කුහකකමයි විතරයි.

  2. Hesh says:

    අනුර කුමාර වගේ එකෙක් හිටියම කරන්න පුලුවන් හානිය ඕක තමා. එන්නත් නොගෙන ලෙඩ උනාම අන්තිමට ආණ්ඩුවට බනියි.

  3. සමන්ත says:

    මහත්තයෝ පලදායිතාව නෙමේ ප්‍රශ්නය එය ෆයිසර් එන්නත ලබා ගන්නේ ඔවුන් විදේශ ගතවීමට බලා පොරොත්තු වෙන නිසා. දැනටමත් යුරෝපය, කැනඩාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් සිනෝෆාම් එන්නත පිල් නොගන්නා බව පවසා ඇත. ඉතිං හම්බන්තොට ෆයිසර් ගැහුවා නම් කොළඹ⁣ට ගම්පහටත් එම එන්නතම දෙන්න. ඒක තමයි හොදම දේ. බොරුවට සිනෝෆාම් ගේන්න එපා ඒ මුදල් ෆයිසර් එන්නත ගේන්න යොදන්න.

  4. Vac says:

    පයිසර් ගහන්න බලාගෙන හිටපල්ලා මෝඩ හැත්ත. තොපිල මොලේ උඩද ඉඳගෙන ඉන්නේ. 🤣😂🤣🤣🤣

  5. Power says:

    😂 එල. එන්නත් වීරෝධී සටනට ජයවේවා. අපේ රටේ තරුණ තරුණියන්ට මොලේ නෑ කිව්වට ඔය හොඳට මොලේ පෑදිලා තියෙන්නෙ. උඹලා හැම එන්නතක්ම වර්ජනය කරපල්ලා. උඹලගේ ශරීරයේ හොඳට ප්‍රතිශක්තීකරණය තියනවා. එහෙව් උඹලා මේ කොහෙවත් තියන ජහජරා එන්නත් ඇඟට ඇනගෙන නැති ලෙඩ දා ගන්න එපා. මේ ආණ්ඩුවේ ඉන්න උන්ට ඕනී මේ එන්නත් මාෆියාව හරහා හොඳට වවාගෙන කන්න. මහ මිනිස්සු ඒ උගුලට අහු උනාට තරුණ උඹලා අපි මුන්ගෙ මේ මඟඩියට අහුවෙන්ඩ අවශ්‍ය නෑ. පුළුවන් තරම් එන්නත්කරණය වර්ජනය කරලා සිංහල බෙහෙත් ටිකට, ආයුර්වේද බෙහෙත් ටිකට හුරුවෙයල්ලා. ඒවා බිව්වා කියලා අපිට කිසි දෙයක් වෙන්නෙ නැහැ. එන්නත් ගන්න ගියොත් තමයි හොඳට ඉන්න අපිටත් කෙලවෙන්නෙ.

  6. සර්පයි says:

    බොලාට පයිසර් නෙවෙයි සර්පයි ලැබෙයි. ඌ ගහපුවම තමයි මිනිස්සු සෙත්ත පෝච්චි වෙන්නේ. මේ මෝඩ මඩකරියෝ මොනවත් විද ගන්නේ නැතුවම සෙත්ත පෝච්චි. උඹලා 3%එවුන්ට හොඳටම ගැලපෙනවා. 👺

  7. Hi says:

    Pfizer වගේ mRNA vaccine වල තමා හොදම efficacy එක තියෙන්නෙ.
    නමුත් අපිට ලැබෙන්නෙ sinopharm නම් මොනවා කරන්නද?
    මොකුත් නැති එකේ ඒක හරි විදින්න ඕන.

    • Janka says:

      සභාවෙ සිනා. බලපන් ඔලුව අතගාල අන් තියෙනවද කියල ආර් එන් එ එක්ක සෙල්ලන් දාන්න එෆිශන්සි හොයල