තරුණ තරුණියන් 400ක් සිටි ෆේස්බුක් සාදයක් වටලයි.. මත්ද්‍රව්‍යය, මත් පෙති සමග අත්අඩංගුවට..

September 8, 2019 at 4:40 pm | lanka C news
තරුණ තරුණියන් 400ක් සිටි ෆේස්බුක් සාදයක් වටලයි.. මත්ද්‍රව්‍යය, මත් පෙති සමග අත්අඩංගුවට..

හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා , මත්ද්‍රව්‍යය  සහ මත් පෙති සමග සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව  හැටන් සුරාබදු කාර්යයාලයේ අයි.ජේ.ඒ පෙරේරා  මහතා පැවසිය.

මුහුණු පොතේ මිතුරු මිතුරියන් එක් කරගනිමින් ඊයේ දහවල් 12 සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත් වු සාදයක් පවත්වා ඇති අතර එම සාදය හැටන් ප්‍රදේශයේ පදිංචි තරුණයන් පිරිසක් විසින් සංවිධානය කර තිබුණි.

සාදය පැවැත්වෙන අතරතුර හැටන් සහ නුවරඑලිය සුරාබදු කාර්යයාලයේ නිලධාරින් එක්ව සිදු කල හදිසි වැටලිමකදි කේරල ගංජා සන්තකයේ තබාගත් තරුණයන් සිව්දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , එම උත්සව ශාලාවේ විසිකර දමා තිබු තවත් කේරල ගංජා මිලිග්‍රැම් 5900 ක් , කොකෙන් මත්ද්‍රව්‍යය , මත්පෙති  තොගයක්ද සහ හදුනා නොගත් මත්ද්‍රව්‍යයද සුරාබදු කාර්යයාලයේ නිලධාරින් භාරයට ගෙන ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එම සාදය සදහා වයස අවුරු 16 ත් 30 අතර වයස් කාණ්ඩවල පසුවන තරුණ තරුණියන් 400 දෙනෙකු පමණ සහභාගි වි සිටි බව වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් රාවණාගොඩ , පිලියන්දල , මහනුවර සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් පැවසිය.

මෙම වැටලිම මෙහෙය වු හැටන් සුරාබදු කාර්යයාලයේ ස්ථානාධිපති අයි.ජේ.ඒ පෙරේරා මහතා මාධ්‍යයට අදහස් දක්වමින්  කියා සිටියේ එම සාදයට සහභාගි වු ඇතැම් තරුණ තරුණියන් ඔහුන්ගේ දෙමව්පියන්ද එක කර ගනිමින් එම සාදයට සහභාගි වි සිටි බවයි.

මෙවැනි සාද පැවැත්විම තුලින් ඇතැම් තරුණ තරුණියන් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වන බවත්, එ පිලිබදව දෙමව්පියන් දැඩි සැලකිල්ලෙන් සිටිය යුතු බවයි.

මෙවැනි සාද වලට දරුවන් සහභාගි විමෙන් සදාචාරය සහ සංස්කෘතියටද  දැඩි හානියක් සිදු වන බවයි සුරාබදු ස්ථානධිපතිවරයා කියා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

24,353 Viewers

5 Comments to “තරුණ තරුණියන් 400ක් සිටි ෆේස්බුක් සාදයක් වටලයි.. මත්ද්‍රව්‍යය, මත් පෙති සමග අත්අඩංගුවට..”

  1. Saradiel says:

    මහින්ද රජයේ මෙවැනි දේ තිබුනේ නැහැ ලක්ෂ 62 දැන්වත් හිත පල්ලා

  2. Gayantha says:

    කලයුතු වන්නේ මෙවෙනි කුඩු පාර්ටි වලට දෙන තැන් රාජසන්තක කිරීම හෝ අති විශාල දඩ ගැසීම එහෙම නැතුව බුකිය අල්ලගැනීම නොවේ.

  3. Pal says:

    Dear Sinhalese,

    Majority of Sinhalese youth has got trapped to a well organized campaign. Never take these in isolation, it is part of taking our land from us. It is successfully being carried forward and no point finding who is behind.
    You need to understand and please get rid of cheap level of satisfaction.
    Sinhalese youths for some reason looking to be vulnerable.

Main News