තරුණ පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ට හොඳ පාඩමක්…

January 3, 2020 at 8:02 am | lanka C news
තරුණ පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ට හොඳ පාඩමක්…

කිලිනොච්චිය කෝනාවිල් ගම්මානයේ තරුණයින් පිරිසක් විසින් ප්‍රදේශයේ රහසිගතව සිදු කරගෙන යන නීතිවිරෝධී මත්පැන් නිශ්පාදිත ස්ථාන කිහිපයකට පැන එම ස්ථාන විනාශ කිරීමට පියවර ගෙන ඇත.

කෝනාවිල් යුනියන්කුලම් ප්‍රදේශයේ කුඹුරු වෙතට ජලය ලබාගන්නා ඇලවල් හරස්කොට ජාවාරම් කරුවන් විසින් නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටියහ.

මේ හේතුව නිසාවෙන් ප්‍රදේශයේ තරුණයින් 15 දෙනෙකු පමණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී අදාල නීතිවිරෝධී මත්පැන් නිශ්පාදිත ස්ථාන කිහිපයක් විනාශ කිරීමට පියවර ගෙන ඇත.

එහිදී නීති විරෝධී මත්පැන් නිශාපදනය කරන ලද බැරල් 15 ක් හා ප්ලාස්ටික් කෑන් 25 ක් පමණද නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරන ලද උපකරණ රැසක් කපා විනාශ කිරීමට පියවර ගෙන තිබුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

192 views

7 Comments to “තරුණ පිරිසකගෙන් නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ට හොඳ පාඩමක්…”

  1. Gorilla says:

    Demala ewun ai neethiya athata ganne. Oya pathe thiyena polici kassipukarayo allane nadda?

  2. Mr.cool says:

    දකුණේ මේ වැඩේ කලොත් හොදයි

  3. රටවැසි says:

    අගෙයි ! කොල්ලනේ අන්න එහෙම කෙලින් හිටපල්ලා . යහපතේදී එකතුවෙයල්ලා —– අයහපතේදී භේද වෙයල්ලා . ජයවේවා ! ! !

    • මගෙ රට says:

      සිංහල දෙමළ ප්‍රශ්නයක් මෙතනට අදාළ නෑ. කවුරු උනත් නීතිය අතට ගැනීම සුදුසු නෑ. පොලිසිය මොවුන් අල්ලන්නෙ නැත්නම් හමුදාවට දැනුම් දෙන්න තිබුනා.

  4. Independent buwa says:

    මල්ලි , උඹලාට return එක හම්බවෙන්නේ individually ජාවාරම කරපු එවුන්ගෙන්. දැන් පරිස්සමෙන් ඉදපන්, 🐕 වැඩේ බූරුවා කරන්න ගියා නම් 🤣🤣🤣හික් හික් හික්

  5. ලොලිපොප් මොංගල් says:

    ප්‍රාදේශීය පොලිසී 99%කම ඉන්නේ හොරු. මාසෙකට පාරක් ගාන ආවේ නැත්නම් විතරක් අල්ලලා නඩු දානව.

  6. Sun says:

    Thank you boys , go ahead and eliminate all the illegal businesses.

Main News