තරුණ යුවලක් ත‍්‍රීවිල් රියදුරාට මිරිස් කුඩු ගසා රථය පැහැර ගන්න හදයි..

September 29, 2020 at 8:02 am | lanka C news
තරුණ යුවලක් ත‍්‍රීවිල් රියදුරාට මිරිස් කුඩු ගසා රථය පැහැර ගන්න හදයි..

ත‍්‍රීරෝද රථයකින් කුලි ගමනක් යන මුවාවෙන් පාලූ මාර්ගයක ත‍්‍රීවිල් රථය රැගෙන ගොස් ත‍්‍රීවීල් රියදුරාට මිරිස්කුඩු ප‍්‍රහාරයක් සහ පහර දි තිවුණු ආයුධ වලින් තුවාල සිදු කොට ත‍්‍රීවිල් රථය රැුගෙන පාලා යාමට උත්සාහ කිරිමේදි ගම්වාසින් සහ පොලිසිය එක්ව එම යුවල අත්අඩංගුවට ගැනිමේ සිද්ධියක් හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයෙන් වාර්තා විය.

හෙම්මාතගම නගරයේ බස්නැවතුම ඉදිරිපිට ඇති කුලි ත‍්‍රීරෝද රථයක් ලබා ගෙන අද පස්වරුවේ සිංහරාජ ගම්මානය දෙසට කුලි ගමනක් ගොස් එම මාර්ගයේ අතුරු මාර්ගයක් සහිත පාලූ ස්ථානයකදි ත‍්‍රීරෝද රථ රියදුරාට මිරිස් කුඩු ගසා එම කුලි ගමන ගිය යුවල එක්ව ත‍්‍රීරෝද රථ රියදුරාට තිවුණු ආයුධයකින් කැපිම් කිහිපයක්ද සිදු කර ඇති බව පොලිසිය පවසයි.

කුලි ත‍්‍රීරෝද රථ ගමනට එක් වු 55 හැවිරිදි තිදෙරු පියෙකු වන හෙම්මාතගම ගිනිහප්පිටියේ පදිංචි එම්.ජේ.එම්.නජබුදීන් යන අය මේ වන විට හෙම්මාතගම රජයේ රෝහල වෙත ඇතුලත් කර ඇත.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

16,882 views

One Comment to “තරුණ යුවලක් ත‍්‍රීවිල් රියදුරාට මිරිස් කුඩු ගසා රථය පැහැර ගන්න හදයි..”

  1. kamal says:

    ගහට ගහක් මොරටුවෙදි හමුවෙනවා
    උඹයි මමයි ලගකදි හැප්පෙනවා
    නුඹ ඇරගෙන තව්තිසාවේ යනවා
    නුඹ එහිදි නිවන් දකිනවා

    රැකියාව ඉගෙන ගත්තෙ උඹයි මමයි එකටයි
    නුඹයි ඇයයි මට පෙනුනේ එකටයි
    පරගැති බසට නුඹ දුන්නෙ එකටයි
    සිංහල බස මම දන්නෙ එකටයි

    සරසවි පුතුනෙ මෙය හොදින් අහගන්න
    ජාතිය සමය මැනවින් රැකගන්න
    විරුවන් රැකගත් මග යහතින් යන්න
    එපා පුතේ මිසදුටුකම් පණ පොවන්න

    පරංගින් අවේ හොදකට නෙවෙයි පුතේ
    සුද්දන් උඹ නලවන්නෙ ආදරෙට නෙවෙයි පුතේ
    නුඹට කිරි දෙන්නෙ මමයි පුතේ
    මම වෙමි දියසෙන් කුමරා පුතේ