තරු පන්තියේ තට්ටු ගොඩනැගිල්ලක් ජාතික රෝහලේ විවෘත කෙරේ..
October 25, 2017 at 8:02 am | lanka C news
ශ්‍රි ලංකා ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතින් අද (24) පස්වරුවේ විවෘත කෙරිනි.
මහල් 10 කින් සමන්විත මෙම මධ්‍යස්ථානය සඳහා සෞදි සංවර්ධන අරමුදල 85% ක සහන ණයක් ලබා දී ඇති අතර ඉතිරි මුදල් ශ්‍රී ලංකා රජය මගින් දරා ඇත. නවීන වෛද්‍ය පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානයෙහි ස්නායු රෝග සායනය ස්නායු ඖෂධාගාරය, ජංගම විද්‍යුත් නිකර්පණ ඒකකය, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ මහජන ඇමතුම් පද්ධතියක් ද ඇතුලත් වේ.
ඊට අමතරව රෝගීන්ට හා රෝගීන්ගේ පවුලේ සාමාජිකයන්ට උපදේශන සේවා සහ දේශන ශාලා පහසුකම්ද සියලු පහසුකම් වලින් සමන්විත සම්මන්ත්රණශාලාවක් ද වේ.
මෙහිදී රෝගීන් සඳහා DSA,PET,SPECT ස්කෑනර් පහසුකම් සලසා ඇති අතර මෙමගින් උසස් පහසුකම් වලින් යුත් විකිරණ රෝග නිර්ණක හා ප්‍රතිකාර කරන මෙහිදී අදහස් දැක් වූ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අපස්මාර රෝගීන් සඳහා ඇඳන් 100 ක පමණ නේවාසික පහසුකම් සහිත මෙහි පළමු පන්තියේ කාමර 7 ක් හා දෙවන පන්තියේ කාමර 3 ක් සහිතව ඇඳන් 19 කින් යුත් ගෙවන වාට්ටුවක්ද වේ.
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරී
me aanduwa pissu kelinawayi, horakam karanawayi misak janathawata palak athi kisi deyak karanne naha kiwwata balannako me avurudu 2 1/2 athulatha me wage yodha wadak patan aran nimaa karala vivurthath kalaane. kochchara karayakshama aanduwakda?
mewa Mahida Rajayen Patan Gaththa Wada
Mahindage labba thamai
owa pattan gatthe polonnaruwe nissankamalla rajjuruwo
Completion Date:Dec-2008
Location:Colombo, Sri Lanka
Project Manager:W. K. C. Jayathissa
http://www.maga.lk/portfolio-view/neuro-trauma-unit-national-hospital/
Completed by Maga Engineering, Check MAGA website for more details.
Completion Date:Dec-2008
Location:Colombo, Sri Lanka
Project Manager:W. K. C. Jayathissa
The project, funded by Saudi Fund for Development, fulfils an urgent need with regard to inadequate neuro-trauma facilities at the Colombo National Hospital. An eight-storey building with a total floor area of 16,200 sqft, the Neuro Trauma Unit is a 300-bed, state-of-the-art tertiary-care facility catering to Neuro-Trauma, Neurolgy and Neuro-Surgery.
The facility houses 6 ultra-modern Operation Theatres, a 66-bed Intensive Care Unit (ICU), a 43-bed High Dependency Unit (HDU), a Spinal Injury Unit, a Neuro Surgical Unit and a ward complex for 150 patients.