තරු හෝටලයේදී ඇමති පුතා පහර දී තරුණියක් දෙදෙනෙකුට තුවාලයි.. ඇමති සොයුරාගේ පුතා පහර දී තවත් අයෙක් තුවාලයි..
February 26, 2017 at 2:10 pm | lanka C news
අද අලූයම් කාලයේදී කොළඹ තරු හෝටල් දෙකකදී ආණ්ඩුවේ ප්රභූන් දෙදෙනෙකුගේ ඉතා කිට්ටු ඥාති තරුණයින් දෙදෙනෙකු විසින් පහරදීම් සිදුකර හානි සිදුකර තිබේ.
හිල්ටන් හෝටලයේදී එක් ප්රභූවරයෙකුගේ සහෝදරයෙකුගේ පුත්රයෙකු බීමතින් කල පහර දීමක් නිසා එක් පුද්ගලයෙකු තුාවාල ලබා ඇති අතර පහරදීම සිදුකල පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතත් ඉතා ඉක්මනින් නිදහස් කර ඇත.
මරදාන ‘ක්ලික්’ රාත්රී සමාජ ශාලාවේදී රාජ්ය ඇමතිවරයෙකුගේ පුත්රයෙක් තරුණියන් දෙදෙනෙනෙකුට පහරදී පහර දී ඇති අතර පහර කෑමෙන් තුවාල ලත් එක් තරුණියක් හිටපු ජනප්රිය මන්ත්රීවරියකගේ සොයුරියකගේ දියණියකි.
පහරදීම හේතුවෙන් තරුණියන් දෙදෙනාටම තුවාල සිදුව ඇත. එම සිදුවීම සම්බන්ධයෙන්ද කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.