තරු හෝටලය මහා ගාලගෝටියක් වෙයි.. සුපිරි නීතීඥවරුන් දෙපැයක් තිස්සේ මරාගනිති.. තොගයකට තුවාලයි..

April 1, 2019 at 10:40 am | lanka C news
තරු හෝටලය මහා ගාලගෝටියක් වෙයි.. සුපිරි නීතීඥවරුන් දෙපැයක් තිස්සේ මරාගනිති.. තොගයකට තුවාලයි..

කොළඹ තරු පන්තියේ හෝටලයකින් දී පැවැති සුපිරි සාදයකදී නීතිඥවරුන් දෙදෙනෙකු අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ද පැමිණිලි ලැබී ඇති අතර ඒ ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටී.

මෙම ගැටුමට හේතු වී ඇත්තේ එම සාදයට පැමිණ සිටි නීතීඥවරියකට එක් නීතීඥවරයෙකු විසින් අසභ්‍ය වචනයෙන් බැන වැදීමකි.

එම නීතිඥවරිය විසින් තමනට නීතිඥවරයෙකු අසභ්‍ය ලෙස බැඳුණේ යැයි කියමින් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් කර ඇත. ගැටුම සිදුව ඇත්තේ මෙම බහින්බස්වීම මුල්කරගෙන බව ද පොලිසිය සඳහන් කරයි.

එක් නීතීඥවරයෙකු විසින් විස්කි බෝතලය කඩා තවත් නීතිඥවරයෙකුට පහර දීමට තැත් කර ඇතැයිද පොලීසිය පවසයි.

ගැටුමෙන් අනතුරුව නීතීඥවරුන් දෙදෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.

ගැටුම පැය දෙකක් පමණ සිදුව ඇති බවත් සුළු තුවාල ලැබූ නීතීඥවරුන් දස දෙනකු පමණ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

97 views
Main News