තරු හෝටල සේවක මාසික වැටුප රුපියල් 12,500යි…

January 1, 2022 at 2:10 am | lanka C news
තරු හෝටල සේවක මාසික වැටුප රුපියල් 12,500යි…

අලුත්ගම මොරගල්ල තරු පන්තියේ සංචාරක හෝටලයක සේවකයෝ 300 වැටුප් වැඩි කර දෙන්නැයි ඉල්ලා සේවයෙන් ඉවත්ව හෝටල් පරිශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වන බව හෝටල් සංගම් සේවක එකමුතුව පැවසීය .

ඔවුන්ට මෙතෙක් ලබාදෙන මාසික වැටුප රුපියල් 12500 රුපියල් 10,000 කින් වැඩි කර දෙන්නයි හෝටල් කළමනාකාරිත්වයට බල තරමින් මෙසේ සේවයෙන් ඉවත්ව සිටින බව කියයි .

මේ වනකොට එම සංචාරක හෝටලයේ නව වසර උදාව සැමරීම සඳහා විදෙස් සංචාරකයන් 300කට වැඩි පිරිසක් පැමිණ සිටින බවත් එම සංචාරකයන් වෙනුවෙන් සේවා සැපයීමට එම හෝටලයේ විධායක නිලධාරීන් තිස් පස් දෙනකුට සිදුව ඇතැයි එම සේවකයින් පවසයි.

මේ අතර හෝටල්සේවකයින් වෙනුවෙන් කළමනාකාරීත්වය හා දහවල් බේරුවල දකුණු ශාසනාරක්ෂක මණ්ඩලයෙ ලේඛකාධිකාරි සහ මොරගල්ල ගංගාරාම විහාරාධිපති මොරගල්ල අරියවිමල තිස්ස හිමියන් හෝටල් කළමනාකාරීත්වය, සේවක සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකු ඇතුළුව කළ සාකච්ඡාවකින් අනතුරුව විරෝධතාවයේ නියුතු සේවකයන්ට විරෝධතාවය අතහැර යළි සේවයට පැමිණෙන්නැයි කළමනාකාරීත්වය කළ ඉල්ලීම එම හිමියන්ගේ ද මැදිහත් වීම මත සේවකයින් පිළිගෙන යළි සේවය කිරීමට එකඟත්වය පළකර තිබෙන බවත් සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනවාරි පස් වන දින එම හිමියන්ගේ ද වැඩම කරවීමෙන් එම හෝටල් පරිශ්‍රයේදී සිදුකිරීමට කළමනාකාරීත්වය පොරොන්දු වූ බව ත් සේවක සංගම් ප්‍රකාශකයෙකු පැවසීය.

– තුසිත කුමාර ද සිල්වා

62,572 views

5 Comments to “තරු හෝටල සේවක මාසික වැටුප රුපියල් 12,500යි…”

  1. පුංචි අම්ම says:

    පර ජෙප්පන්ට ඕන එන සුද්දන්ටත් රටට එන එක එපා කරල රට වට්ටන්න. එහෙම එවුන් රටකට ආදරේ කියල හිතන එවුන් අමු මෝඩයො වෙන්න ඕන

  2. sira says:

    මොන බුරුවන්ද 12500 කට වැඩ කරන්නේ මාසයක්. පලයල්ලකෝ ඇත උදව් කරන්න, දවසකට 2000, 2500ක් ගන්න පුළුවන්.

  3. Dishum says:

    ඕව හැරී ජයවර්ධන මහතා ට විකුණල දාන්න ඕනේ රු 12000 හොඳටම ඇති. ඒ මහත්තයා දන්නවා ඕකුං ගෙන් වැඩ ගන්න , ජෙප්පෝ පදිරි හැරී ජයවර්ධන මහතා ට.

  4. Thanu Thanu says:

    Most of the people doesn’t know the real truth….Hotel industry is with the lowest basic salary Scales in the private sector…Everything depend on the Service Charge..no unfortunately service charge is in a lost due to the both issues…(Easter Sunday Attack and Covid19 Pandemic….)

  5. Gamarala says:

    මේ හෝටල් වැඩියක් කොටස් අයිති මැති ඇමතිවරුන්ට අමතක නොකළ යුතුයි .

Main News